කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පෙත්සමක්

එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු නැගෙනහිර සන්නද්ධ නායක කරුණා අම්මාන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා  අභියාචනාධිකරණයට අද තවත් රිට් පෙත්සමක් ගොනු කෙරුණා. කරුණා අම්මාන් විසින් ඉකුත් දිනක යුධ හමුදා සෙබලූන් 2000 ත් 3000 ත් අතර පිරිසක් ඝාතනය කළ බවට වන ප‍්‍රකාශයට අදාළව ඔහු ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලෙසටයි පෙත්සම්කරු ඉල්ලා ඇත්තේ.

එම ප‍්‍රකාශයෙන් අනතුරුව කරුණා අම්මාන් විසින් ඉකුත් ජූලි 3 වනදා ද අපරාධමය කරුණු හෙළිවෙන තවත් ප‍්‍රකාශයක් සිදු කර ඇති බව පෙත්සම්කරු පවසා තිබෙනවා. එම ප‍්‍රකාශයෙන් දෙමළ ජාතික සංවිධානයේ නායකයින් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඝාතනය කිරීමට එවකට එල් ටී ටී ඊ සංවිධානයේ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් තමාට නියෝග කළ බවත් එම නියෝගය ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමා කණගාටු වෙන බවයි කරුණා අම්මාන් ප‍්‍රකාශ කර ඇති බවයි පෙත්සම්කරු පවසා ඇත්තේ.

මේ අතර පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් සමග සම්බන්ධතා පැවැත්වූයේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා රැදවුම් භාරයෙන් මුදාහරින ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි  මස 22 දා වැඩිදුර සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *