ගැටළු සහගත විදුලි බිලට සහන රැසක්

කොරෝනා ව්‍යවසනය හේතුවෙන් පනවා තිබු ඇඳිරි නීති සමය වූ මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල විදුලි බිල් සඳහා වූ පළමු ඒකක 90 සඳහා වූ බිලෙන් සියයට 25ක ගාස්තු අඩු කිරීමකට වූ යෝජනාවක් විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත් ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා.

විදුලි බිල්වල ගැටළු සහගත බවක් පවතින බවට සිදුකරන ලද පැමිණිලි වලට අනුව පත් කරන ලද කමිටුවේ යෝජනාවන්ට අනුව එම සහනය ලබා දීමට ඇමතිවරයා යෝජනා කළ බව සම කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේ.

එමෙන්ම මාර්තු, අප්‍රේල් සහ මැයි සඳහා විදුලි බිල් පියවීමට මාස 03ක සහන කාලයක් ලබා දීමට, එම කාල සීමාව සඳහා දඩ මුදල් අය නොකිරිම සහ විදුලි සැපයුම් විසන්ධි නොකිරීම යන සහන එම යෝජනාවන්ට ඇතුලත් වූ බවයි මෙහිදී කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කෙසේ වුවත් ජනතාවට මිට වඩා සහනයක් ලබාදීමට හැකිවේද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය යෝජනා කළ බවද මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ඒ අනුව මෙම සහනද ඇතුළුව ජනතාවට ලබදිය හැකි තවත් සහන සම්බන්ධයෙන් ලබන කැබිනට් මණ්ඩලයේදී සාකච්ජා කොට ඒවා ප්‍රකාශයට පත් කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *