විමල්ට එරෙහි නඩුවට දින

අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 26 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (08) නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.

එහිදී දෙපාර්ශවයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත මෙම නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 26 වන දා ආරම්භ කිරීමට මහාධිකරණ විනිසුරුවරයා දින නියම කළේය.

එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා විසින් නියෝග කළ බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

2010 වසරේ ජනවාරි මස 01 වන දා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා කාල සීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75ක ට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *