මෙරට සිටි ඉන්දියන් ජාතිකයින් පිරිසක් නැවත යයි

මෙරට රැකියාවල නිරතව සිටි ඉන්දීය ජාතිකයන් 153 දෙනෙකු ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මඟින් සිය රට වෙත රැගෙන ගොස් තිබේ.

ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 282 දරන විශේෂ ගුවන් යානයෙන් අද උදෑසන 9.50ට පමණ ඔවුන් කටුනායක ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව වාර්තාවේ.

මෙරට විවිධ ක්ෂේත්‍රවල රැකියාවේ , නිරතව සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

මේ අතර ඉන්දීය සේවයට අයත් ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට මෙරට ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන් 23 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු බව “අද දෙරණ“ වාර්තාකරු සඳහන් කළේය.

අද අලුයම දෝහා නුවර සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 668 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු බව ද සඳහන් වේ. 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *