වැලිකඩ බන්ධනාගාරය අමුත්තන්ට වැසෙයි

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ගැනීමත් සමග බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව තාවකාලිකව නවතා දමා තිබේ.

අද උදෑසන මෙම රැඳවියා ආසාදිතයෙක් බවට තහවුරු වී තිබුණි.

මෙම පුද්ගලයා, කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙකි.

මෙම ආසාදිතයා සහ අනෙකුත් ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම පරීක්ෂණ සඳහා බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ද බඳුන් කරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *