පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර කඩවත පොලීසියට බාරවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වන, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා අද (07) කඩවත පොලීසියට බාර වී තිබේ.

පොලීසිය පවසා සිටියේ, සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දීමට නියමිත බවය.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය තුළ සිදුවන විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයා පොලීසිය විසින් සොයමින් සිටියේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *