ජිංතුපිටිය 154 දෙනා යළිත් නිවෙස් වෙත යවයි.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ, කොළඹ 13 ජිංතුපිටිය ප‍්‍රදේශයේ පුද්ගලයින් 154 දෙනා අද (06) යළි සිය නිවෙස් වෙත පිටත් කර හැරෙනවා. ඒ, නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත බවට කොළඹ 13 ජිංතුපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වූ පුද්ගලයාට, එම වෛරසය ආසාදනය වී නොමැති බව ඊයේ (05) දිනය වනවිට තහවුරු වීමත් සමගයි.

වෛරසය ආසාදිත බවට සැලකූ පුද්ගලයා සම්බන්ධයෙන් රෝහලේදී කරන ලද ඵ්Cර්‍ පරීක්ෂණ 5 ක ප‍්‍රථිඵල මත අඛණ්ඩවම එම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති බවයි කෝවිඞ් 19 පැතිර යාම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එලෙස සැක කෙරුණේ මුහුදු ආරක්ෂකයෙකු ලෙස රැකියාවේ නිරත, විදේශගතව සිට පැමිණ නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කළ පුද්ගලයෙක්.

එම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගත් වහාම ඔහු හා සමාජ සම්බන්ධතා පැවැත්වූ ජිංතුපිටිය ප‍්‍රදේශයේ පුද්ගලයින් 154 දෙනෙකු ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවා.

ඔවුන් ද ඵ්Cර්‍ පරීක්ෂණවලට යොමු කෙරුණු අතර ඔවුන් අතරින් කිසිවෙකුත් කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන නොමැති බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *