ජනාධිපති දැන් මැලේසියාවේ, ආරක්ශාව තරවේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නිල සංචාරය වෙනුවෙන් මැලේසියාවේ ආරක්‍ෂක විධිවිධාන තරකර තිබෙනවා.

අතිරේක පොලිස් බලඇණි නගර ආරක්‍ෂාවට යොදවා සිටින බවයි වාර්තා වන්නේ.

දින කිහිපයක සිට බුද්ධි අංශ නිලධාරීන්ද විශේෂ මෙහෙයුම් සිදුකරමින් සිටිනවා. ඔවුන් වෙත වාර්තා වී ඇත්තේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මැලේසියාවේ රැදී සිටින දිනවලදී ශී‍්‍ර ලංකාවට එරෙහිව උද්ඝෝෂණ සිදු කිරීමට එරට ඇතැම් කණ්ඩායම් සැලසුම් කරමින් සිටින බවයි.

කෙසේවෙතත් එම උද්ඝෝෂණ නිසා ජනාධිපතිවරයාගේ කටයුතුවලට බාධාවක් ඇති නොවන බව මැලේසියාවේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් ඊබ‍්‍රහිම් අන්සාර් පවසනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ වන විට මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොලට පැමිණ තිබෙනවා.