අබ්දුල් රාසික්ට ඇප නැති වෙයි.

ජාතික සහ ආගමික සමගියට බාධා වන ප‍්‍රකාශ සිදු කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තවුෆික් ජමාද් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් විසින් ඉදිරිපත් කෙරුණු ඇප අයදුමක් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංගන කලංසූරිය අද (22) ප‍්‍රතික්ෂේප කළා.

මෙම ඇප අයදුම ඉදිරිපත් කරමින් අබ්දුල් රාසික්ගේ නීතිඥවරුන් කියා සිටියේ තම සේවාදායකයා අදාළ ප‍්‍රකාශ සිදු කර ඇත්තේ අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති මූලික අයිතිවාසිකම අනුව බවයි.

එමගින් ජාතික හෝ ආගමික සමගියට බාධා සිදු නොවන බවද නීතිඥවරුන් පැවසුවා.

කෙසේ වෙතත් විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය කියා සිටියේ සැකකාර අබ්දුල් රාසික් නමැත්තා මීට පෙර ද අවස්ථා කිහිපයකදීම ජාතික සහ ආගමික සමගියට බාධා වන ප‍්‍රකාශ සිදු කර ඇති බවයි.

මෙවැනි ප‍්‍රකාශ සිදු නොකරන ලෙසට ඔහුට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇතැයි ද සැකකාර අබ්දුල් රාසික් නමැත්තා ඒ බව ද නොසලකා හැර ඇතැයි ද කොළඹ අපරාධ කොට්ඨාශය පැවසුවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *