බදු සහ දඩ පිරුණු අයවැයක් – විපක්ෂය. සහන දුන්නා – ආණ්ඩුව

ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහාය ලබාදෙන අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට හැකි වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සුඛෝපභෝගී ජීවිත ගතකරන පුද්ගලයින්ගෙන් අවශ්‍ය ප්‍රමාණයට බදු අය කිරීමට රජය කටයුතු කර ඇති බවයි.

2017 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අයවැය කතාවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා.

මෙවර අයවැය අධ්‍යාපනය සඳහා වැඩි ඉඩකඩක් ලබාදුන් අයවැයක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවා.පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ පසුගිය අයවැයෙන් ගිලිහුණු කාර්යයන් මෙවර අයවැයේදීද ආණ්ඩුවට ගිලිහී ඇති බවයි.මෙවර අයවැය බදු සහ දඩ පිරුණු අයවැයක් බවයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී  විජිත හේරත් කියා සිටියේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *