පොඩි කාර් මිල යලිත් නගී.

එන්ජින් ධාරිතාව 1000 අඩු කුඩා මෝටර් රථ මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යන බව වාහන ආනයනකරුවන් පවසනවා.එන්ජින් ධාරිතාව 1800cc – 2000cc කාණ්ඩයේ වාහන එම එන්ජින් ධෘරිතාවයද ඇතුළුව පවතින සියලු මෝටර් රථ වල මිල රුපියල් ලක්ෂ 9කින් ඉහළ යන බවයි වාහන ආනයනකරුවන් සඳහන් කළේ.හයිබ්‍රිඩ් හෙවත් දෙමුහුන් වාහන සඳහා එම වැඩිවීම බලපාන්නේ නැහැ.

කුඩා වෑන්රථ ගණයට ගැනෙන සියලු වෑන්රථ වල මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ අඩුවීමට නියමිතයි.එම අඩුවීම බලපාන්නේ පෙට්‍රල් භාවිතා කරන වෑන්රථ සඳහා පමණක් වන අතර ඩීසල් වෑන්රථ සඳහා එම අඩුවීම අදාළ වන්නේ නැහැ.කෘ කැබ් මිල ගණන්ද අඩු වීමට නිටමිත බවයි වාහන ආනයන කරුවන් සඳහන් කළේ.

නිෂ්පාදන බදු වෙනස් කිරීමට ඊයේ(10) අයවැය මගින් යෝජනා කළ බැවින් මේ ආකාරයෙන් වාහන මිල ගණන් වෙනස්වන බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *