පක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු යළි කඩිනමින් ..

පක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු යළි කඩිනමින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිඛෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ, ජනාධිපති මන්දිරයේදීයි. එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිඛෙනවා.

එමෙන්ම හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බිඳ දමා අලූත් පක්ෂ නිර්මාණය කිරීමට උත්සහ කරන පිරිස් සම්බන්ධයෙන් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලේදී සාමාජිකයින් දැනුවත් කිරීමටයි මෙහිදී යෝජනා වුණේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *