පොලිසිය යාපනයේදි කපයි.

යාපනය, චුන්නාකම් නගරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී තිබේ.

යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්ය.

පහරකෑමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසුවේය.

මෙලෙස තුවාල ලබා ඇත්තේ චුන්නාකම් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැරයන්වරයෙකු බව සඳහන්ය.

පහරදීම සිදුවන අවස්ථාවේ ඔවුන් සිවිල් ඇඳුමින් සිට ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.

කෙසේවෙතත් මෙම පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය භාර නියෝජ්‍ය  පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *