තිස්සට එන්න කියයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට ලබන මස 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ.

ව්‍යාජ ලේඛන සැකසීම ඇතුළු චෝදනා 3ක් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය 09 වැනිදා නඩු පවරන ලදී.

2015 ජනවාරී 08 ජනාධිපතිවරණයට මත්තෙන්   ව්‍යාජ ලේඛන සැකසීම, ජාතීන් අතර වෛරී සහගත තත්ත්වයක් ඇති කිරීම  හා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑම් කිරීම එම චෝදනාය.

ඒ අනූව එකී චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය 9 වැනිදා නඩු පවරන ලදී.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *