මහකොමසාරිස්ට පහරදුන් 05 ක් අල්ලයි. CCTV දර්ශණ සහිතයි.

මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ඊබ‍්‍රහීම් අන්සාර්ට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 5 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ තොරතුරු දැන්ම හෙළි කළ නොහැකි බවයි විමර්ශන සිදුකරන නිලධාරීන් කියා සිටියේ.

මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන් තොටුපොළේදී ඊයේ (04) මෙම පහරදීම සිදුවුණා. ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ ශ‍්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස්වරයාගෙන් ද ඒ සම්බන්ධයෙන් කරුණු විමසන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඉකුත් දිනවල මැලේසියාවේ සංචාරයක නිරත වුණා. ඔහු ආගමික වතාවත්වල නිරතවීමට නියමිතව තිබූ සෙන්තුල් බෞද්ධ විහාරයට ද පහරදීමක් සිදුවූ බවයි විදෙස් වාර්තා කියා සිටියේ. මහින්ද රාජපක්ෂ මහතාගේ මැලේසියානු සංචාරයට විරෝධය පළ කරමින් එරට ස්ථාන කිහිපයක උද්ඝෝෂණ ද පැවැත්වුණා.

මේ අතර මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ඊබ‍්‍රහීම් අන්සාර්ට සිදුවූ පහරදීම බවට සැලකෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාවරු වෙමින් තිබෙනවා.

(මෙම වීඩියෝව පහතින් දැක්වෙයි)

https://www.facebook.com/abrighterfuturesl/videos/1813970415505505/


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *