පළමු 20 විස්ස අද.

ඕස්ටේ‍්‍රලියාව සමග වන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.

පළමු තරගය අද දිනයේත් දෙවන තරගය ලබන 09 වැනිදාත් පැවැත්වීමට නියමිතයි. දිනේෂ් චන්දිමාල් ශ‍්‍රී ලංකා සංචිතයේ නායකයා වනවා.

තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන සහ කුසල් මෙන්ඩිස් ද සංචිතයට ඇතුළත්. සීකුගේ ප‍්‍රසන්න, සචිත‍්‍ර සේනානායක, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, සචිත් පතිරණ, කසුන් රාජිත සහ දසුන් ශානක සංචිතයේ සෙසු සාමාජිකයින් වනවා.

තරගය සඳහා වන සියලු ප‍්‍රවේශ පත‍්‍ර මේ වන විට විකිණී අවසන් බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසන්නේ. ගේට්ටුවලින් ප‍්‍රවේශ පත‍්‍ර මිලදීගත නොහැකි බවද ක‍්‍රීඩාංගණයට ඇතුළු වීමට අවසර ලැබෙන්නේ ප‍්‍රවේශ පත‍්‍ර අත දරන්නන්ට පමණක් බවද මෙහිදී අවධාරණය කෙරුණා. පල්ලෙකැලේ අන්තර් ජාතික ක‍්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වීමට නියමිතයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *