ශ්‍රීලනිප ප්‍රබලයෝ 14ක්‌ ඉවතට

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ප්‍රබල ආසන සංවිධායකවරුන් දාහතර දෙනකු (14) ඉවත්කර දිස්‌ත්‍රික්‌ හා නව ආසන සංවිධායකවරුන් හතළිස්‌ දෙනකු පක්‌ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (17 වැනිදා) පත්කරනු ලැබ ඇත.

කැස්‌බෑව ප්‍රධාන සංවිධායක ගාමිණී ලොකුගේ, මීගමුව ප්‍රධාන සංවිධායක සරත් කුමාර ගුණරත්න, කළුතර ප්‍රධාන සංවිධායක රෝහිත අබේගුණවර්ධන, වැලිගම ප්‍රධාන සංවිධායක මහින්ද යාපා අබේවර්ධන, කුණ්‌ඩසාලේ ප්‍රධාන සංවිධායක කෙහෙළිය රඹුක්‌වැල්ල, වලපනේ ප්‍රධාන සංවිධායක සී. බී. රත්නායක, ඇහැලියගොඩ ප්‍රධාන සංවිධායිකා පවිත්‍රා වන්නිආරච්චි, කෑගල්ල ප්‍රධාන සංවිධායක ජගත් බාලසූරිය, හපුතලේ සම සංවිධායක උදිත ලොකු බණ්‌ඩාර, මීරිගම සම සංවිධායිකා කෝකිලා ගුණවර්ධන, දිවුලපිටිය සංවිධායිකා උපේක්‌ෂා ස්‌වර්ණමාලි, ඌව පරණගම ප්‍රධාන සංවිධායක ඒ. එච්. බුද්ධදාස, වව්නියාව සම සංවිධායක ධර්මපාල සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් මෙලෙස එම ධුරවලින් ඉවත්කර තිබේ.

ඉවත් කරන ලද සංවිධායකවරුන් වෙනුවට නව ආසන සංවිධායකවරු දහසය දෙනකු හා දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් විසිහතර දෙනකු පත්කර ඔවුන් සඳහා ඊයේ (17 දා) ජනාධිපතිවරයා විසින් පත්වීම් ලිපි ලබාදෙන ලදී.

චන්දන කත්‍රිආරච්චි (කැස්‌බෑව), සංජය සිරිවර්ධන (මීරිගම), ඩබ්ලිව්. ඩී. ලලිත් ඩෙන්සිල් (මීගමුව), චන්දන ජයකොඩි (දිවුලපිටිය), සුමිත් ලාල් මෙන්ඩිස්‌ (කළුතර), එම්. එච්. එම්. අමිජාඩ් (බේරුවල), හේමාල් ගුණසේකර (වැලිගම), එරාඡ් රවින්ද්‍ර ප්‍රනාන්දු (බෙලිඅත්ත), සුනිල් කිත්සිරි අමරතුංග (කුණ්‌ඩසාලේ), ජගත් කුමාර සමරහේවා (වලපනේ), සරත් සන්දනායක (ඇහැලියගොඩ), ආනන්ද මිල්ලන්ගොඩ (කෑගල්ල), ඩී. එම්. පී. ඒ. දසනායක (ඌව පරණගම), සුමිත් සමයදාස (හපුතලේ), පී. සුමතිපාල, කේ. කාදර් මස්‌තාන් (වව්නියාව) යන මහත්වරු නව සංවිධායකවරු ලෙස පත්කර සිටිති.

දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් වශයෙන් හුසෙයින් මන්සිල්, නීතිඥ රජික කොඩිතුවක්‌කු, අනුර අතුකෝරළ, විදුර බාලසූරිය, ලලිත් වනිගරත්න, අජිත් බස්‌නායක, සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර, හසිත ගුණවර්ධන, රාඡ් චන්ද්‍රලාල්, එච්. ඩබ්. ගුණසේන, බන්දුල සෙනෙවිරත්න, ශීලා යාපා, වෛද්‍ය චුල්ල ජයන්ත ධර්මප්‍රිය, ඊබට්‌ පෙරේරා, රොෂාන් ගුණවර්ධන, පී. පී. ප්‍රදීපන්, එස්‌. රවිකුමාර්, අතුල රත්නායක, ෆාරුක්‌ අබ්දුල් ලතෆ්, ඡේ. එම්. ගුණතිලක, ජයසිරි ප්‍රේමදාස, ඉන්ද්‍රdනි දසනායක, නීතිඥ ප්‍රේමසිරි හෙට්‌ටිආරච්චි, චමින්ද වාසල යන මහත්ම මහත්මීන් පත්කර තිබුණි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *