වැට් යලි ගෙන්න කලින් සටනට ආ කඩ වලට රවි “ගේමක්” දෙයි.

රට තුළ ඉමහත් ආන්දොලනයට තුඩුදුන් රජයේ වැට්‌ බදු වැඩි කිරීමේ යෝජනාවට එරෙහිව විරෝධතා දැක්‌වූ සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ප්‍රධාන නිලධාරීන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ රෙදිපිළි වෙළෙඳසල් ශ්‍රී ලංකා රේගුව විසින් මේ වන විටත් මුද්‍ර (සීල්) තබා ඇතැයි වාර්තා වේ.

මේ අනුව මේ වන විට වෙළෙඳසල් හතක්‌ පමණ සීල් තැබීමට ලක්‌ව ඇති අතර ඉන් මුලින් මුද්‍ර තැබූ වෙළෙඳසල් තුනක්‌ මුදල් තැන්පතුවක්‌ මත විවෘත කිරීමට පසුව අවසර ලැබී ඇතැයි ද වාර්තා වේ.

නීති විරෝධී අන්දමින් රටට රෙදිපිළි ගෙනැවිත් ඇතැයි පවසමින් එම වෙළෙඳසල් ශ්‍රී ලංකා රේගුවේ විශේෂ විමර්ශන කණ්‌ඩායමක්‌ මගින් පරීක්‍ෂා කොට සීල් තැබීමට පියවර ගෙන ඇති බවත් මෙහි සැබෑ අරමුණ තොග හා සිල්ලර වෙළෙ¹මට ද අදාළ වන පරිදි සියයට 15 දක්‌වා වැට්‌ බදු වැඩි කිරීමට එරෙහිව රට පුරා විවිධ නගරවල කඩ සාප්පු වසා වෙළෙඳුන් විසින් සිදුකළ විරෝධතාවන්ට නායකත්වය දුන් සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ක්‍රියාකාරීන් බියවැද්දීම බව ද එම වෙළෙඳ සංගම් ආරංචි මාර්ග සදහන් කරයි.

නීති විරෝධී අන්දමින් රෙදිපිළි රට තුළට ගෙනැවිත් ඇති බවට ලද තොරතුරකට අනුව අදාළ වෙළෙඳසල් පරීක්‍ෂා කරන බවට මාධ්‍යයට ප්‍රකාශ කළ ද මේ වැඩපිළිවෙළේ සැබෑ අරමුණ ඉදිරියේදී නැවත වතාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන වැට්‌ බදු පනතට වෙළෙඳුන්ගෙන් ඇති වන බලවත් විරෝධය වළක්‌වා ගැනීම සහ පසුගිය දිනවල සිදුකෙරුණු උද්ඝෝෂණවලට නායකත්වය දුන් ව්‍යාපාරිකයන් බය කිරීම බව ද එම වෙළෙඳ නියෝජිතයන්ගේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ

වැට්‌ පනතට විරෝධය දක්‌වමින් උද්ඝෝෂණය කළ වෙළඳ ව්‍යාපාරිකයන් දඩයම් කර එම ව්‍යාපාර මුද්‍රඩ් තැබීමේ ක්‍රියාවලියට රේගු නිලධාරීන් යොදවා ගැනීමේ මුදල් ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා නිදහස්‌ රජයේ රේගු වෘත්තීය සමිති සංවිධානය සහ රේගුව සුරැකීමේ සංවිධානයේ සම කැඳවුම්කරු ඩබ්ලිව්. එම්. ආර්. විඡේකෝන් මහතා මාධ්‍යට පවසා තිබේ

වැට්‌ පනතට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිටි ව්‍යාපාරිකයන් සතු සාප්පු රැසක්‌ මේ වන විට මුදල් ඇමැතිවරයාගේ නියෝගය මත රේගු නිලධාරීන් විසින් මුද්‍රඩ් තබා ඇතැයි හෙතෙම කීවේය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකාවේ නොමැති අවස්‌ථාවක වැඩ බලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත් කළ මුදල් අමාත්‍යාංශ නිලධාරියකු විසින් රේගු නිලධාරින් ලවා මෙසේ වෙළෙඳ ව්‍යාපාර කිහිපයක්‌ පසුගිය සතියේ මුද්‍රඩ් තබා ඇතැයි ද විඡේකෝන් මහතා කීවේය.

ශ්‍රී ලංකා රේගුව විසින් පසුගියදා පරීක්‍ෂාවට ලක්‌ කළ ඇතැම් වෙළෙඳසල් කලක්‌ තිස්‌සේ බදු ගෙවීමකින් තොරව සංවිධානාත්මක ලෙස රට තුළට රෙදිපිළි රැගෙනවිත් ඇති බව මෙතෙක්‌ කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙවැනි වංචාකාරී ක්‍රියා නිසා වසරකට රුපියල් බිලියන ගණනක බදු මුදලක්‌ රජයට අහිමි වී ඇතැයි ද එම අමාත්‍යාංශය කියයි.

මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ උපදෙස්‌ මත මේ විමර්ශන සිදුකරනු ලැබූ බව ද මුදල් අමාත්‍යාංශය තවදුරටත් කියයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *