ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක්‌ විකුණන්නේ නෑ- ජනාධිපති

ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට තමා කිසි විටෙක පියවර නොගන්නා බවත් පාඩු ලබන රාජ්‍ය ආයතනවල ආදායම් නැංවීමට පෞද්ගලික ආයතන සමඟඑක්‌ව කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10 වැනිදා) ප්‍රකාශ කළේය. විකිණීම යන වචනය තම ප්‍රතිපත්තියට පටහැනි බවත්, ජාතික සම්පත් රැක ගනිමින් සංවර්ධන ඉලක්‌ක සපුරා ගැනීම යහපාලන ආණ්‌ඩුවේ ඉදිරි දැක්‌ම බවත් ජනාධිපතිවරයා කීය.

දේශීය කර්මාන්ත පිළිබඳව සතුටු විය නොහැකි බවත්, ආනයන අපනයන ලාභ ලබන

වැඩි කරමින් ඒ ඒ කර්මාන්ත නගා සිටුවීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියේ ඊයේ කොළඹ වරාය අධිකාරියේ සී. එස්‌. එµa. බහලුම් මධ්‍යස්‌ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

වරාය වැනි ආයතන පෞද්ගලික අංශයට විකුණා දමන බවට පළ වූ ප්‍රවෘත්ති සම්පූර්ණයෙන් අසත්‍ය බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *