මහින්ද දකුණු කොරියානු අගමැති හමුවෙයි.

දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ දකුණු කොරියානු අගමැති වැන්ග් යෝ හාන් මහතා අතර විශේෂ හමුවක්‌ ඊයේ (10 වැනිදා) සිදුවිය.

දකුණු කොරියානු පාර්ලිමේන්තුවේදී මෙම හමුව සිදුවූ අතර එහිදී ආසියාවේ අභිමානය ලෝකයට රැගෙන යැමට මහින්ද රාජපක්‍ෂ මහතා දැක්‌වූ දායකත්වය පිළිබඳව දකුණු කොරියානු අගමැතිවරයා සිහිපත් කළේය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව පිළිබඳවද පුද්ගලිකව සොයා බලන බවත් කොරියානු අගමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *