ජන ගඟක්‌ සමග පාද යාත්‍රාව අද කොළඹට

ආණ්‌ඩුවේ ජනතා විරෝධී ක්‍රියා කලාපයනට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් පවත්වනු ලබන ජනසටන පාද යාත්‍රාව අද දිනයේ (1 දා) ලක්‍ෂසංඛ්‍යාත දැවැන්ත ජනගඟක්‌ සහිතව කොළඹට පැමිණෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධානීහු “දිවයින”ට පැවැසූහ.

අද පාද යාත්‍රාවේ පස්‌වැනි දිනයයි. පාද යාත්‍රාව අද පෙරවරුවේ කිරිබත්ගොඩ නගරයේ සිට කොළඹට පැමිණ විශේෂ ජනරැලියක්‌ පැවැත්වීමට නියමිතය.

කවර බාධා එල්ලවූවත් පාද යාත්‍රාවේ ගමන වැළැක්‌විය නොහැකි බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධානීහු “දිවයින”ට පැවැසූහ.

පාද යාත්‍රාව ඊයේ (31දා) නිට්‌ටඹුවේ සිට කිරිබත්ගොඩ නගරයට ළඟාවිය. ඊයේ පාද යාත්‍රාවට අතිවිශාල ජනකායක්‌ සහභාගිව සිටි අතර වෙනත් දිනවලට වඩා දැඩි උණුසුම් ස්‌වභාවයක්‌ ගෙන තිබිණි.

ඒකාබද්ධ විපක්‍ෂයේ පා ගමනේ අවසන් මහරැලිය පැවැත්වීමට කොළඹ ක්‍රීඩාංගණ දහයකට අයදුම්පත් යොමු කළද ඒ කිසිවකට අවසර නොලැබිණි.

ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන විරෝධතා පා ගමන ආණ්ඩුවට එරෙහිව වෙඩිමුරයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කිරිබත්ගොඩ නගරයෙන් අද (01) පෙරවරුවේ පා ගමන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙය ඓතිහාසික පා ගමනක් වන බවයි.

පා ගමන සාර්ථක කරගැනීමට සහාය ලබාදුන් සැමට තමන් ස්තූති කරන බවද මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා.

ජන සටන විරෝධතා පා ගමන මේ වන විට කොළඹ නගරය බලා පැමිණෙමින් තිබෙනවා.

 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *