ගිලන් රථ සේවාවක්‌ ඇරඹීමට ලැබීම යහපාලන රජයේ ජයක්‌. අගමැති.

ලැම්බෝගිනි සුඛෝපභෝගී රථවලින් රේස්‌ පදිනවා වෙනුවට අසරණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට විශේෂ ගිලන් රථ සේවාවක්‌ ආරම්භ කිරීමට ලැබීම යහපාලන රජයේ ජයග්‍රහණයක්‌ යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ප්‍රථම වතාවට මෙරට නොමිලේa ලබා දෙන පූර්ව රෝහල්

ගිලන් රථ සේවාව කොළඹ ගාලු මුවදොර පිටියේදී ඊයේ (28 දා) ආරම්භ කරමින් අගමැතිවරයා එසේ කියා සිටියේය.

මීට වසර තුනකට පෙර ගාලුමුවදොර ක්‍රීඩාංගණය පරිශ්‍රයේ වැලිකොට්‌ට දමා නයිට්‌ රේස්‌ පැවැත්වූ බවත් එම තරග නිසා කිහිප දෙනකුම තුවාල ලබා ජීවිතක්‍ෂයට පත්වූ බවත් හෙතෙම සඳහන් කළේය.

එම තරග පැවැත්වූ අය ආබාධයට ලක්‌වුවහොත් ප්‍රතිකාර කිරීමට හෙලිකොප්ටර් පවා සූදානම් කර තිබුණද එදා සාමාන්‍ය ජනතාව පිළිබඳව තැකීමක්‌ නොකළ බවද වත්මන් රජය යටතේ ගාලුමුවදොර පිටියෙන් ආරම්භ වන්නේ අසරණ රෝගීන් වෙනුවෙන් සියලු පහසුකම්වලින් සමන්විත ජංගම රෝහලක්‌ බඳු ගිලන් රථ සේවයක්‌ බවද අගමැතිවරයා පැවැසීය.

මෙය යහපාලන රජය යටතේ සිදුවූ යහපත් වෙනසක්‌ බවද හෙතෙම සඳහන් කළේය.

ඉන්දියානු රජය යටතේ හිමිවූ මෙම ගිලන් රථ සේවය ආපසු නොගෙවිය යුතු ප්‍රදානයක්‌ බව පැවැසූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුල් වටයේ ගිලන් රථ 88 ක්‌ ලබාදී ඇති බවද ඉන්දීය ඡේ. ඩී. කේ. සමාගමේ සභාපති රෙඩ්ඩි මහතා විසින් තවත් රථ 20 ක්‌ ලබා දීමට කටයුතු කළ බවද කියා සිටියේය.

මෙම ගිලන් රථ සේවාව ප්‍රථමයෙන් දකුණු සහ බස්‌නාහිර යන පළාත්වල ක්‍රියාත්මක වන අතර ඉන්දියාවේ පුහුණුව ලද ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 500 කට අධික පිරිසක්‌ මෙහි සේවයේ යෙදවීමට අනුයුක්‌ත කර සිටිති.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *