අද කලහ කලොත් වැඩ වරදී

විවිධ දේශපාලන පක්ෂ විසින් අද (28) දිනයේදී සිදු කරන පාගමන්වලදී හෝ සාමාජික ප‍්‍රවර්ධන කටයුතුවලදී කලහකාරී ලෙස හැසිරෙන සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ මහනුවර ප‍්‍රදේශයෙන් අද ආරම්භ කිරීමට සූදානම් කර ඇති පාගමනේදී සහ වෙනත් දේශපාලන ක‍්‍රියාකාරකම්වලදී කලහකාරී තත්ත්වයන් ඇති විය හැකි බවට තමන් වෙත තොරතුරු වාර්තා වී ඇති බවයි.

එම නිසා මේ පිළිබඳ ජනතාව වඩාත් විමසිල්ලෙන් සිටිය යුතු බවයි පොලිස්පතිවරයා සිය නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *