මහ බැංකුවේ අධිපතිවරයා තවම නෑ.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සම්බන්ධයෙන් මතු වූ ගැටලූව මෙතෙක් අවසන් වී නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධුර කාලය ඊයේ (30) දිනයෙන් අවසන් නමුත් ඔහුට සේවා දිගුවක් හෝ නව අධිපතිවරයෙකු හෝ මෙතෙක් පත් නොකිරීම ඊට හේතුවයි. නව අධිපතිවරයෙකු පත් කරන බව ජනාධිපතිවරයා ඉකුත් බදාදා ප‍්‍රකාශ කළා.

මේ අතර කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා වරදක් කර ඇතැයි මෙතෙක් ඔප්පු වී නොමැති බවයි.

කෙසේ වෙතත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා මහ බැංකුවට නව අධිපතිවරයෙකු පත් කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තමා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින්ට දැනුම් දුන් බවයි. එම පත් කිරීම ඊයේ දහවලින් ආරම්භ වූ පැය 24ක කාලය තුළ මෙම පත් කිරීම සිදු කරනු ඇති බවයි එ් මහතා කියා සිටියේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *