උගුරුදණ්ඩ කපා ගන්නවා හිටපු ජනපති පවසයි.

 

තමන් ඩොලර් බිලියන 18ක් හොරකම් කර ඇති බවට එල්ල කරන චෝදනා ඔප්පු කළහොත් උගුරුදණ්ඩ කපා ගන්නා බව හිටපු ජනපති පා.ම මහින්ද රාපක්ෂ මහතා අවධාරණය කරයි.

ජපානයේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපතිවරයා එරට ටයිම්ස් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව පවසා ඇත.

වත්මන් රජයේ ඉහළ නිලධාරීන් ඇතැම් අවස්ථාවලදී අදාළ චෝදනාව එල්ල කරන බවත්, කෙසේ හෝ තමන් 1ක ඩොලරයක් හෝ හොරකම් කළ බවට ඔප්පු කළහොත් උගුර දණ්ඩ කපාගන්නා බව එහිදී ඔහු අවධාරණය කර තිබේ.

එසේම සිය ඉදිරි දේශපාලන ජීවිතය පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ “දේශපාලඥයින් කවදාවත් විශ්‍රාම ගන්නේ නෑ” යනුවෙනි.

2015 වසරේ ජනපතිවරණය පරාජයට පත්වීමට හේතුව මුස්ලිම් ජනතාව හා දෙමළ ජනතාව තමන්ට එරෙහිව පෙළඹවීම බවද හිටපු ජනපතිවරයා පවසා තිබේ.

මේ අතර පා.ම උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා එරට සිට අදහස් පළ කර ඇත.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ දිගින් දිගටම රජයේ වැරදි පෙන්වාදෙන, විවේචන කරන අය තෝරා තෝරා පහරදීම කරන බවයි.

‍ඒ අනූව මෙම තත්ත්වය හෙළාදැකිය යුතු බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *