සැක පාඨලීද?

 

රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සැකකරුවෙකු ලෙස පත් කරන්නේද නැද්ද යන්න තීන්දුව ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා පවසයි.

අදාළ නඩුව අද(15) කැඳවූ අවස්ථාවේ ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබියදීත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අදාළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවට අගතියට පත් පාර්ශවයේ නීතීඥවරයා චෝදනා කර තිබේ.

අදාළ රථය පැදවූයේ අමාත්‍යවරයා බව ඇසින් දුටු සාක්ෂි තිබියදීත් එය පිළිගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය මගහරිමින් සිටින බවද  අගතියට පත් පාර්ශවයේ නීතීඥවරයා වැඩිදුරටත් පවසා ඇත.

එමෙන්ම වැලිකඩ පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශකර සිටියේ එම සිද්ධියට අදාළ සී සී ටී වී දර්ශන ලබාගෙන ඒවා මොරටුව විශ්ව විද්‍යාලය මගින් පරීක්ෂාවට ලක් කළද එම දර්ශන විද්‍යාත්මකව පිළිගැනීමට නොහැකි බවට එම විශ්ව විද්‍යාලය තහවුරු කර ඇති බවයි.

ඊට අමතරව වැඩිදුර ‍තොරතුරු ලබාගෙන පරීක්ෂණ සිදු කරන බවද  වැලිකඩ පොලීසිය අවධාරණය කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා එම සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කරන්නේද නැද්ද යන්න ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බව චන්දන කලංසූරිය මහතා ප්‍රකාශ කර සිටියේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *