නාය ගිය ගම්වල 80 ගැලවෙයි.

extreme weather in sri lanka2

නාය යෑමට ලක්වූ අරණායක පොලිස් වසමේ සිරිපුර, එළගපිටිය සහ පල්ලේබාගේ යන ගම්මානවල පදිංචිකරුවන් 80 දෙනෙකු පමණ මුදාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

ආපදාවට ලක්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා එකසිය පනහක හමුදා බලඇණියක් යොදවා ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. මෙම නාය යෑම හේතුවෙන් නිවාස රැසකට ද හානි සිදුව ඇතැයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා.

පවුල් 150 ක් පමණ මෙම ගම්මාන 03 තුළ වාසය කරන බවයි පොලිසිය සඳහන් කළේ.
නාය ගිය ප‍්‍රදේශය අවට පදිංචිව සිටි තුන්සිය දෙනෙකු පමණ මේ වන විට ආරක්ෂිත ස්ථානයක පිහිටි පාසලක රඳවා ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *