මාරාගෙන මැරෙන ඇදුමක්, C4 බොම්බ සමග අල්ලයි.සැකකරු පැන ගනී.

chawakachheri

චාවකච්චේරි පොලිස් බල ප්‍රදේශයට අයත් A32 මාර්ගයේ මරවන්පුලෝ ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඇදුම් කට්ටලයක් සමඟ පුපුරන ද්‍රව්‍ය තොගයක් හමු වී තිබේ.
නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෑග් 3ක්,  මරාගෙන මැරෙන ඇඳුම් 01ක් සහ ක්ලේමෝ බෝම්බ 3ක් සොයා ගෙන තිබෙනවා.

මෙම නිවසේ විසූ සැකකරු ළග ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය පවත්නා බවට ලැබුණු තොරතුරක් අනුව පොලීසිය විසින් මෙම නිවස සෝදිසියට ලක්කර ඇති බවත්, ඒ මොහොතේ සැකකරු පළා ගොස් ඇති අතර කාන්තාවක් හා ළමයින් පොලීසිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.