නිශාන්තට ඇප ගන්න ආ ධම්මිකගෙන් මාධ්‍යට තර්ජන.

313131313131

සී.එස්.එන්. නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නිශාන්ත රණතුංග මහතා අද (16) ඇප මත මුදාහැරුණා.

ඒ, කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුවයි. රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මෙහිදී නිශාන්ත රණතුංග මහතාට නියම කර තිබෙනවා.

මේ අතර මෙම සිද්ධිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට නිශාන්ත රණතුංග මහතාගේ සහෝදරයෙකු වන වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා තර්ජනය කර ඇති බවද වාර්තා වනවා.ඒ ඔහුගේ ඡායාරූප නොගන්නා ලෙසත් , ඡායාරූප පළ නොකරන ලෙසත් පවසමින්.

එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට තර්ජනය කොට ඔවුන්ගේ මුහුණු වරාය සභාපතිවරයා විසින් තමාගේ ජංගම දුරකථනයෙන් වීඩියෝගත කරගන්නා අයුරු දැකගත හැකිවිය.

ධම්මික රණතුංග අධිකරණයට එමින් සිටියදී එය වීඩියෝ කරමින් සිටි විද්‍යුත් මාධ්‍යවේදීන්ට ඔහු බැණ වැදුණු බවත්, එක් මාධ්‍යවේදියකුට අසභ්‍ය වචනයෙන් බැණ මරණ තර්ජනය කළ බවත් මාධ්‍යවේදීන් විසින් කෙසෙල්වත්ත පොලිසියට කළ පැමිණිල්ලක සඳහන්ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *