යෝෂිත වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්.

yoshitha rajapaksa

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා.

යෝෂිත රාජපක්ෂ මහතා එමගින් ප‍්‍රකාශ කර ඇත්තේ තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි. ඒ අනුව තමන් ඇප මත මුදාහරින්නැයි කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට නියෝගයක් කරන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙන බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පවසන්නේ.

යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් මීට පෙර කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඇප අයදුමක් ඉදිරිපත් කෙරුණා. එම ඇප අයදුම ප‍්‍රතික්ෂේප කෙරුණු අතර ඊට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ද ගොනුකර තිබෙනවා.

අදාළ අභියාචනය ඊයේ (29) විභාගයට ගැනුණු අතර එහි වැඩිදුර විභාගය ලබන 8 වෙනිදාට කල් තැබුණා.

යෝෂිත රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ සී.එස්.එන්. නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවකට අදාළවයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *