ඡන්දය කල් දැමිම පිළිගන්න බෑ, විමල් කියයි.

 

wimal-415x260

කුමන හේතු මතවත් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ ක‍්‍රියාදාමය කිසිසේත්ම පිළිනොගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඊයේ (29) රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

මැතිවරණ පැවැත්වීමේ පූර්ණ බලතල තිබෙන්නේ මැතිවරණ කොමිසමෙහි සභාපතිවරයාට. ඒ නිසා අපි ඒකාබද්ධ විපක්‍ෂය ලෙස එතුමා හමු වුණා. අපි අපේ ප‍්‍රශ්නය ඉදිරිපත් කළා. එතුමා දිගින් දිගටම මැතිවරණ කල් දැමීමට හේතු වූ කාරණා පැහැදිලි කළා. අපි මෙතැනට ආවේ මැතිවරණ කල් දැමීමට හේතු දැන ගැනීමට නොවෙයි.

ඡන්දය කියන්නේ මහජනයාගේ අයිතියක්. ඡන්දය නිසි ලෙස පවත්වන්න තමයි මේ ස්වාධින කොමිෂන් සභාව පිහිටුවනු ලැබුවේ. ස්වාධින කොමිෂන් සභාව කියලා බෝඩ් එකක් එල්ලූවාට වැඩක් නැහැ, මැතිවරණ නිසි වෙලාවට පැවැත්වීමේ තමන්ගේ වගකීම හරිහැටි ඉටු කිරීමට බැරිනම්. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස තිබෙන අසීරුතා එතුමා ඉදිරිපත් කළා. නමුත් කුමන හේතු මතවත් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ ක‍්‍රියාදාමය අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *