ගිවිසුම් ගැන ජනපතිගේ අදහස.

President of Sri Lanka Maithripala Sirisena

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් ලෙස ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දීර්ඝ කාලීන සම්බන්ධයක් හා ශක්තිමත් බැඳීමක් පවත්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එබැවින් එකී සම්බන්ධතාව වඩාත් ශක්තිමත් කරමින් දෙරට අතර මිත්‍රත්වය තහවුරු කරනු පිණිස නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම අගය කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේ අද(24)ජනාධිපති ලේකම් කාර්යාලයේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

විශේෂයෙන්ම නවසීලන්තය කෘෂිකාර්මික රටක් ලෙස නවීන තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ ඉදිරියට ගමන් කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ කිරි කර්මාන්තයට එම තාක්ෂණික දැනුම ලබාගැනීමට පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද ගිවිසුමකට එළඹුණු බව සඳහන් කළේය.

මීට අමතරව ආර්ථික,වෙළෙඳ හා තාක්ෂණික දැනුම හුවමාරුකර ගනු පිණිස තවත් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ බවත්,නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් මෙරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරට සංචාරයක නිරතවන ලෙස කළ ආරාධනයද ඉතා වැදගත් බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *