ජනපති මෛත්‍රිගේ ජර්මානු සංචාරය.තෙවන දිනය.

President of Sri Lanka Maithripala Sirisena

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මානු සංචාරයේ තුන්වන දිනය වන අද දිනයේ ජර්මන් චාන්සලර්වරිය,ජනාධිපති සහ ජර්මානු පාර්ලිමේන්තුවේ කථානායක සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

එසේම සවස ජර්මන් චාන්සලර්වරිය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ව මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සූදානම්ව පවතින බවත්,එහිදී ජර්මන් චාන්සලර්වරිය විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවත් සඳහන්ය.

මේ අතර ඊයේ දිනයේ එරට සංචාරයේ නිරත මාධ්‍යවේදීන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සුහද හමුවක් පැවති බවත්,එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීම සඳහා ජර්මානු ආයෝජකයින්ගේ සහයෝගය ලබාගැනීම තම ජර්මානු සංචාරයේ මූලික අරමුණක් බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *