අලූත් අවුරුදු උදාව අද පස්වරු 01.47ට

11131883_896559670407649_544285909_n

අලූත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව මෙවර අලූත් අවුරුද්ද උදාවන්නේ අද පස්වරු 01.47ටයි. පස්වරු 02.05ට ආහාර පිසීමේ නැකත උදාවනවා. එම අවස්ථාවේදී රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා දී කිරි සහ උක් සකුරු මිශ්‍ර කිරිබතක් ද කැවිලි ද පිළියෙල කර ගත යුතු බව අලූත් අවුරුදු නැකත් සීට්ටුවේ සඳහන්. පස්වරු 02.42ට රතු පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ආහාර අනුභවය, ගනුදෙනු සහ වැඩඇල්ලීම කළ යුතු වනවා. හිසතෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ හෙට උදෑසන 09.06ටයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *