මුස්තෆාට පසු රජිව් ඇමති තනතුර අත්හරි.

rajeeva_wijesinghe
උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හිටපු ජනාධිපතිනි චන්දි්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග සාකච්ඡා කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැවසුවේ යැයි මහාචාර්ය රජිව් විජේසිංහ මහතා සදහන් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයින්ට අමාත්‍ය ධුර පිරිනැමීම සම්බන්ධයෙන් තීරණ ගනු ලැබුවේ හිටපු ජනාධිපතිනියවීම ඊට හේතුව ලෙස අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි ඒ මහතා සදහන් කර තිබෙන්නේ.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වන මහාචාර්ය රජිව් විජේසිංහ මහතා ඉකුත් බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කළේ තම ධුරයේ කටයුතු කිරීමට නොහැකි වාතාවරණයක් උදාවී ඇති බවයි. එබැවින් දින 5 ක් ඇතුළත ගැටලූවලට විසදුම් ලබානොදුන හොත් ධුරයෙන් ඉවත් වන බවයි රජිව් විජේසිංහ මහතා එමගින් දක්වා තිබුණේ. එම කාලය ඊයේ දිනයෙන් අවසන් වූ බැවින් අද සිට තමන් අමාත්‍යාංශයට නොයන බව ඒ මහතා සදහන් කර තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *