Tag: Sri Lanka
-
පැකර් සමු ගැනිමෙන් ඩොලර් මිලියන 400ක් අහිමිවෙයි.
—
in Local Newsකැසිනෝ ක්‍රීඩාව සමග ක්‍රියාත්මක කිරීමට යෝජිත සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතිය අත්හැරීමට ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් සමාගම තීරණය කර තිබේ. ඩොලර් මිලියන 400ක් වැය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සිය ව්‍යාපෘතිය අත්හැරීමට එම සමාගම තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා රජය සිය ව්‍යාපෘතියට ලබා දී තිබූ බදු සහන ඉවත් කිරීම හේතුවෙනි. ක‍්‍රමෝපාය සංවර්ධන පනත යටතේ ආරම්භ කිරීමට…
-
වත්තල සන්ධාන සභාපතිට පහරදිම / මහමැතිවරණ සමය ඛේදවාචකයක් වන ලකුණු.
—
in Local Newsවත්තල ප‍්‍රාදේශිය සභාවේ ඊයේ දහවල් ඇතිවු පහරදිමෙන් පසු එහි සභාපති ත්‍යාගරත්න ද අල්විස් මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් මන්ත‍්‍රීවරුන් 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කලා.ඔවුන් ප්‍රතිකාර සදහා රාගම ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබුනා. අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පිළිගැනීමේ උත්සවයක් වත්තල ප‍්‍රාදේශිය සභාව ඉදිරිපිට පැවැත්වුණා. අමාත්‍යවරයා පිටව ගිය පසු සභා රැස්වීම ආරම්භ වී…
-
රවී වංචා නඩුව කල්දා ගනී
—
in Local Newsඇමෙරිකාවේ නිවියෝක් නුවර ගැලියොන් ආයෝජන සමාගමේ ආර් රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් ( රුපියල් ලක්ෂ 4020 ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය නොමැතිව කිරුලපනේ ස්ටෑන්ඩට් චාටඩ් බැංකුවේ තැන්පත් කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකට හා තවත් දෙදෙනකුට එරෙහි නඩුව විත්තියේ ඉල්ලීම අනුව මාර්තු 4 වැනිදාට කල් තැබිණි. කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකාද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ඉදිරියේ ඊයේ…
-
L:T:T:E සිරකරුවන් නඩු නැතුව නිදහස්.
—
in Local Newsවසර ගණනාවක් පුරා දිවයිනේ විවිධ බන්ධනාගාරවල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් වසරක් ඇතුළත නඩු පැවරීමකින් තොරව නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් සමග එකඟ වූ බව මන්නාරම් රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ පැවසූහ. පසුගියදා 25 වැනිදා කොළඹදී ජනාධිපතිවරයා හමුවූ රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ, 26 වැනිදා අදාළ දෙමළ දේශපාලන සිරුකරුවන් බැලීමට පැමිණියහ. එසේ ගොස් යළි මන්නාරමට පැමිණීමෙන්…
-
අතුරු අය වැය අද
—
in Local Newsභාණ්ඩ රැසක මිල අඩු වීමත්, මෛත්‍රී පාලනයක් යටතේ පොරොන්දු වූ රජයේ සේවකයන්ගේ පඩි වැඩිවීමත් අද (29දා) ඉදිරිපත් කෙරෙන අතුරු අයවැය යටතේ සිදුවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා තිබෙනවා. මෛත්‍රී පාලනයක් යටතේ බිහි වූ නව රජය ජනතාවට සහන ලබාදීමේ අරමුණින් අද (29දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අයවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම මේ…
-
ෆොන්සේකාට සියල්ල ලැබෙයි.
—
in Local Newsයුද අධිකරණයෙන් වරදකරුවකු වීම හේතුවෙන් සියලු නිල නාමයන්, පදක්කම් සහ අයිතිවාසිකම් අහිමිව සිටි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අහිමිවූ නිල නාමයන්, විශ්‍රාම වැටුප, පදක්කම් සහ අයිතිවාසිකම් සියල්ල නැවත ලබාදී තිබෙනවා. ඒ අනුව මෙතැන් සිට ජෙනරාල් සරත් ෆොන්සේකා ලෙස නිල නාමය භාවිත කිරීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම අහිමිව තිබූ ප්‍රජා අයිතිය නැවත ලබාදී ඇතැයි මැතිවරණ කොමසාරිස්…
-
ධිවර ඇමති,රාජ්‍ය ඇමති සභාපති පුටුවට පොර කති.
—
in Local Newsධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස, ධීවර ඇමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා නම් දෙකක් යෝජනා කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි. ස්වදේශ කටයුතු හා ධීවර කැබිනට් අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා විසින් ධීවර අමාත්‍යාංශ සභාපති ධුරයට සිය පුත්‍රයා නම් කර ඇත. මේ අතර රාජ්‍ය අමාත්‍ය දුලිප් වෙදආරච්චි සිය මස්සිනා එම තනතුරට පත් කර…
-
අගවිනිසුරුට අසාද් සාලි ගෙන් තර්ජන.
—
in Local Newsතමාට ධූරයෙන් ඉවත්වන ලෙසට බලපෑම් එල්ල වී ඇති බව කියමින් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඊයේ පස්වරුවේ ඔහු එම පැමිණිල්ල කුරුඳුවත්ත පොලීසියට දමා ඇත. ඊයේ තම නිල නිවසට පැමිණි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා ඇතුළු පිරිසක් නිවස පරික්ෂා කිරීමට උත්සාහ කළ බව පවසමින් අගවිනිසුරුවරයා විසින් මෙම පැමිණිල්ල සිදුකළ…
-
වෙලේ සුදා දුමින්දව හිර කරයි..
—
in Local Newsමහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේසුදා නැමැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මුදල් ලබාදී ඇති බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළි වී ඇති බැවින් දුමින්ද සිල්වාට අයත් සියලු ගිණුම් පරික්ෂා කරන ලෙසට උසාවි නියෝගයක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පොලිස් මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව…
-
වර්ණනා එපා වැරදි පෙන්නන්න.
—
in Local Newsතමා වර්ණනා කරන, ප්‍රශස්ති ගායනයට වඩා විවේචනය කිරීම වැදගත් බව ජනාධපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පවසන්නේ ආණ්ඩු බලයට පත් කර ඊට හිතුමතේ කටයුතු කිරීමට සැලැස්වීම පැහැදිලි කාර්යයක් නොවන බවයි. පුරවැසි බලය සහ අළුත් පරපුර ඇතුළු සංවිධානවල නියෝජිතයින් පිරිසක් හමුවු අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වු පුරවැසි බලයේ නියෝජිතයින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා…