Tag: President of Sri Lanka
-
නියෝග නොතකා උද්ඝෝශණ; ගොඨා අල්ලස් කොමිසමට එයි. (Video) update
—
in Local Newsupdate: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවනු ලැබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා,තමාට එරෙහි චෝදනාවලට අදාළව අධ්‍යයනය කර ලියවිලි සහිතව පැමිණ ප්‍රකාශයක් ලබාදීමට දිනයක් ඉල්ලා තිබේ. ඒ අනුව දින 90ක කාලයකින් දිනයක් ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලා සිටි බවත්,ඊට කොමිසම කැමැත්ත දැක්වීමෙන් පසු රාජපක්ෂ මහතා එතැනින් පිටව ආ බවත්…
-
ජනපති මෛත්‍රි අද ජාතිය අමතයි.
—
in Local Newsජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) රාත්‍රී 9ට ශ්‍රව්‍ය ද්‍රෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් ජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් වූ දින සියය වැඩපිළිවෙල හෙට දිනයෙන් නිමාවීමට නියමිතය. දින සියයට අදාළව යෝජනා වී තිබුණු…
-
බැසිල් ඇතුලට.
—
in Local Newsහිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර පොලිස් අත්අඩංගුවට ගැනුනා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ.පසුගිය ජනවාරි මාස 11 වැනිදා දිවයිනෙන් බැහැරව ගොස් විදෙස් ගතව සිටි බැසිල් රාජපක්ෂ මහතා 21 වනදා දිවයිනට පැමිණියා. දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචාවක් සිදු වූ බවට චෝදනා කරමින්…
-
බැදුම්කර වංචාව පිළිබදව කමිටුවේ තිරණය හාස්‍යජනකයි; ජවිපේ කියයි.
—
in Local Newsමහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳව විමර්ශන කළ කමිටුවේ සිය නිර්දේශය පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී. එම නිවේදනය මෙසේය. අදාළ කමිටුව නම්කරන මොහොතේ සිටම මෙම කමිටු වාර්තාව පිළිබඳව අප ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳව සෑහීමකට පත්විය හැකි විධිමත්…
-
අල්ලස් කොමිසමේ ක්‍රියාවන්ගෙන් පාර්ලිමේන්තුව සහ අවට උණුසුම් වෙයි.
—
in Local Newsඅල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි. ස්වාධීන අයතනයක් ලෙස ඕනෑ ඕනෑ ආකාරයට කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවද ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේය. එසේම යටි අරමුණු සහිතව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරිය කටයුතු කර ඇති බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ කරණයෙන්…
-
අල්ලස් කොමිසමට මහින්ද කැදවා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.(ඡායාරුප සහිතයි )
—
in Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ මස 24 වැනිදා අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවුනා, ඒ අනුව හෙට දින දක්වා පාර්ලිමේන්තුව කල් තැබිමට කථානායකවරයා පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විවිධ අදහස් පළ කළ අතර ඊට හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහද එක්ව සිටියා. මෙම අදහස් දැක්වීම…
-
හල්දුම්මුල්ල,නිකපොත ප්‍රදේශයේ නාය යෑමක්
—
in Local Newsහල්දුම්මුල්ල , නිකපොත ප්‍රදේශයේ නාය යෑමක් සිදුවී තිබේ. අදාළ ප්‍රදේශයේ අක්කර 5ක පමණ ප්‍රදේශයක් එලෙස නායයෑමට ලක්වු බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. නාය යෑම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
-
පිටරට රහසිගත ගිණුම් චෝදනා හිටපු ජනපති ප්‍රතික්ෂේප කරයි.
—
in Local Newsවිදේශ බැංකු ගිණුම් වල රහසිගත සහ නීති විරෝධී ලෙස තමාගේ මෙන්ම තම පවුලේ පිරිස මුදල් තැන්පත් කර ඇති බවට ඇතැමුන් එල්ල කරන චෝදන ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එම මාධ්‍ය නිවේදය පහත පරිදි වෙයි. මාධ්‍ය නිවේදනය විදේශීය බැංකුවල රහසිගත ගිණුම් මමත්, මාගේ…
-
බැදුම්කර වංචා චෝදනා ලැබු අර්ජුන්,අගමැතිගේ කමිටුවෙන් නිදහස්.
—
in Local Newsමහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහබැංකු අධිපතිවරයා ඍජු දායකත්වයක් දක්වා නොමැති බව ඒ පිළිබඳ විමර්ශනය කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව පවසනවා. ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ. ඒ පිළිබදව විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් තිදෙනෙකුගෙන් සමන්විත,අගමැතිතුමන් පත්කල ත්‍රිපුද්ගල කමිටුව විසින් සකස් කළ පිටු 19කින් සමන්විත වාර්තාව එළිදක්වා ඇති බවයි. එම…
-
19යට විවාදය 21 සහ 22ක
—
in Local News19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 21 සහ 22 වැනිදා පැවැත්වීමට දේශපාලන පක්ෂ එකඟතාවකට පැමිණ තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පෙරවරුවේ දේශපාලන පක්ෂ නායක හමුවක් පැවැත්වුණි. එහිදි මෙම එකඟතාවට එළඹි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල්…