Tag: news

  • ඩීසල් භාවිත කළ යුතු ආකාරය ඛණිජ තෙල් සංස්ථාව කියයි

    ඉදිරි දිනවලදි ඩීසල් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේවනවිට දින 07 කට පමණ ප්‍රමාණවත් ඩීසල් තොග සංස්ථාව සතුව පවතිනවා.  කෙසේවෙතත් ඩීසල් නැවක් මෙරටට ලගාවීම සඳහා දින 06 ක පමණ කාලයක් ගතවිය හැකියි. එලෙස පැමිණෙන නෞකාවෙන් ඩීසල් ගොඩබෑමට ද දින 02 කට වැඩි කාලයක් ගත වනවා. එබැවින් ඩීසල් රැගත්…

  • කිරි ගොවියා නගා සිටුවීම සඳහා ජනපති ගත් තීන්දුව

    දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් හට උපදෙස් ලබාදී තිබෙනවා. නාරාහේන්පිට Milco කර්මාන්ත ශාලාව අද (25) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කර සිටියේ.…

  • යළිත් ගෑස් හිගයක් ඇතිවීමේ අවදානමක්

    යළිත් වෙළඳපොළේ ගෑස් හිගයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා.  ඒ, ආනයනය කරන ලද ගෑස් මෙට්‍රික් ටොන් 7,500 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් මෙතෙක් නොලැබීම හේතුවෙන්.  ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පෙරේදා සහ ඊයේ දින දෙකෙහි වෙළඳපළට කිලෝග්‍රෑම් 12 යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීමක් ද සිදුනොවූ බවයි.  අද දිනයේද ගෘහස්ථ…

  • විශේෂ කැබිනට් රැස්වීමේ ගත් තීරණ

    ඉන්ධන මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා. “අද පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට තීරණය කළා. අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා.  මිට අමතරව විදුලි බල මණ්ඩලයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ඛනිජ තෙල් සඳහා ලබා දී ඇති රුපියල් බිලියන 80…

  • කථානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

    සේවා හා භාණ්ඩ බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණය විසින් කථානායකවරයාට දන්වා තිබෙනවා. අද (22) පෙරවරු 10ට ආරම්භ වූ විශේෂ පාර්ලිමේන්තු විවාදයේ දී යි, කථානාය මහින්ද යාපා අබේවර්ධන විසින් මේ බව පාර්ලිමේන්තු සභාවට දැනුම් දුන්නේ. අදාළ කරුණ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට දැනුම්දෙනු ලැබුවා.

  • තෙල් ගන්න සල්ලි දෙන්න – ජනපති මහ බැංකුවට කියයි

    විදුලි උත්පාදනයට හා රටට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමට ප්‍රමාණවත් මුදල් ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම්දී තිබෙනවා.  ඒ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සහ විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමටයි.  අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ඊයේ පැවති කැබිනට් රැස්වීමේදීද ඉන්ධන අර්බුධය සම්බන්ධයෙන් දැඩි…

  • වටවල හයිඩ්‍රි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් අත්අඩංගුවට

    වටවල රොසැල්ල හයිඩ්‍රි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ව (21) දින සැකපිට අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය පවසනවා.  වටවල රොසැල්ල හයිඩ්‍රි ජනපදයේ අවුරුදු 13 වයසැති පාසල් සිසුවෙකුට එම විහාරස්ථානය තුලදි (20) දින විහාරාධිපති හිමියන් විසින් ලිංගික අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම සිසුවාගේ පියා විසින් වටවල පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත විහාරාධිපති හිමියන්ව සැකපිට අත්අඩංගුවට ගත් බවයි…

  • පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ රාජකාරියට බාධා කළ රැප් ගායක FillT අත්අඩංගුවට

    පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  කෙසෙල්වත්ත තක්‍ෂලා පාර ප්‍රදේශයේ පැවති රැස්වීමක ආරක්ෂක රාජකාරී සඳහා  එම පොලිස් නිලධාරීන් පැමිණ සිටියා.  එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු අදාල පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පරුෂ වචනයෙන්ද බැන ඇති බවයි වාර්තාකරු පැවසුවේ.  සැකකරු විසින් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුගේ මුඛ ආවරණයද ගලවා ඉවත්…

  • ගීතා කුමාරසිංහට මරණ තර්ජන

    ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහට බැන මරණීය තර්ජනය කිරිම සම්බන්දයෙන් පුද්ගලයකු ඊයේ (20) අත්අඩංගුවට ගත්බැව ඌරගස්මංහන්දිය පොලිසිය පවසනවා.  අත්අඩංගුවට ගෙන ඇත්තේ තොටකනත්ත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙක්.  ණය මුදලක් ලබා නොදීම සම්බන්දයෙන් සැකකාර පුද්ගලයා මන්ත්‍රිවරියගේ හඹුරුගල පිහිටි නිවසට ගොස් බැන, මරණීය තර්ජනය කොට ඇති බව පොලිසිය පවසනවා.  මන්ත්‍රීවරිය විසින් පොලිසියට…

  • මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇත්දැයි විමර්ශනයට පත් කළ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට

    මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් හා කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ පස්වරුවේ භාරදී තිබෙනවා. ඒ, එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච් එම් ඩී නවාස් විසින්. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය…