Tag: news
-
අද සිට ගෑස් බෙදාහැරීම් අත්හිටුවයි
—
in Local Newsලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් අද සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ ඔවුන් සතුව ප්‍රමාණවත් ගෑස් නොමැතිවීම හේතුවෙන්. කෙසේ වුවත් අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ගෑස් සීමිත වශයෙන් සපයන බවයි ලිට්රෝ සමාගම සඳහන් කර සිටින්නේ. මේ අතර අද අලුයම් කාලයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ගෑස් මිලදී ගැනීම සඳහා ගෑස් අලෙවි…
-
ජනපති හෙට ජාතිය අමතයි
—
in Local Newsජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (16දා) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
-
ඩොලරය වැඩි වීමෙන් රටේ ඉදිකිරීම් නතර වන ලකුණු
—
in Local Newsඩොලර් අර්බුදය හේතුවෙන් මෙරට ඉදිකිරීම් කර්මාන්තයට ද තවදුරටත් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තකරුවන් පැවසුවේ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම මීට ප්‍රධානතම තත්ත්වය බවයි. සිමෙන්ති මිල ඉහළ ගියද සැපයුම තවමත් ප්‍රමාණවත් නොවන බව ඉදිකිරීම් කර්මාන්තකරුවන් පවසනවා. මේ, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි. පවතින තත්ත්වය මත ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතය අවදානම් බවත්, ඒ පිළිබඳ ලබන…
-
ජනතාව රැගෙන සමගි ජනබලවේගය අද කොළඹට
—
in Local Newsජනතාවට සහන ඉල්ලා සමගි ජනබලවේගය කොළඹට අද පැමිණෙනවා. ඒ, කොල්ලුපිටිය ප්‍රදේශයේදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කරමින්. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනතාව පත්ව ඇති දුෂ්කර තත්ත්වය ආණඩුවට පෙන්වා දීමට මෙම විරෝධතාවය සංවිධානය කරන බවයි. මෙම විරෝධතාව සඳහා එක්වන ලෙස දේශපාලන පක්ෂවලට හා සිවිල් සංවිධානවලට ද ආරාධනා කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන්…
-
බොරැල්ල දේවස්ථාන අත්බෝම්බ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
—
in Local Newsබොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන ෂර්ලි හේරත් ඇතුළු සැකකරුවන් තිදෙනා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය එහිදී නියෝග කළේ සැකකරුවන් ලබන 29දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. මෙම…
-
පහේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණුත් ප්‍රකාශයට
—
in Local News2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වලට අදාළ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ 152 ක වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. එම දිස්ත්‍රික්කවලට අදාළ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ 149 යි. හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළ සිංහල මාධ්‍ය…
-
බස් ගාස්තු සියයට 15 කින් ඉහළට – අවම ගාස්තුව 20 වෙයි
—
in Local Newsඅද මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිත බස් ගාස්තු ඉහළ දැමීම සියයට 15 ක ප්‍රතිශතයකින් සිදුවනු ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ බස් ගාස්තු ඉහළ දැමීමේ ප්‍රතිපත්තියට අනුව ඩීසල් මිල ඉහළ දැමීමේ ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගනිමින් මෙම බස් ගාස්තු වැඩිකිරීම සිදුකෙරෙන බවයි. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා…
-
අවුරුදු සමයේ භාණ්ඩ රැසක මිල ඉහළ යන ලකුණු
—
in Local Newsඑළඹෙන උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. අමෙරිකානු ඩොලරයේ අගය පාවෙමින් තීරණය වන බැවින් ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව මේවනවිට අමෙරිකානු ඩොලරයේ අගය වේගයෙන් ඉහළ යමින් තිබීම ඊට හේතුව බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසුවේ. කෙසේවෙතත් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් බහාලුම් 2,500 ක් පමණ…
-
පාන්, බනිස්, බත් පැකට්ටුවක මිල ඉහළට
—
in Local Newsඅද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 30කින් ද බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන ද්‍රව්‍යවල මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව බේකරි නිෂ්පාදකයින් ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කර සිටිනවා. ඒ අනුව පාත් රාත්තලක නව මිල රුපියල් 110-130ක් අතර වන බවයි ඔහු පැවසුවේ. මේ අතර බත් පැකට්ටුවක මිල රුපියල් 20, කොත්තුවක් රුපියල්…
-
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර
—
in Local Newsමෙම වසරේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර වෙන් කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. ඒ, බැංකුවේ සභාපති සත්සුගු අසකාවා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීයි. .ආසියානු සංවර්ධන බැංකුව, ඉකුත් වසරේදීද ආසියානු සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 750ක සහන ණය දුන්නා. මෙරට සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහය ලබාදෙන බවයි ආසියානු සංවර්ධන…