Tag: news
-
සමස්ත මහ වර්ජනය අද
—
in Local Newsමෑත ඉතිහාසයේ ආණ්ඩුවකට එරෙහිව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු වෘත්තීය සමිති දහසකට අධික ප්‍රමාණයක් සහ ලක්‍ෂ සංඛ්‍යාත සේවක සහභාගීත්වයෙන් අද (28 දා) සමස්ත මහා වැඩ වර්ජනයක් රට පුරා ක්‍රියාත්මක කෙරේ. ගාලුමුදොර, අරලියගහ මන්දිරය ඇතුළු ආණ්ඩුවට එරෙහිව රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින ජන අරගලය ජයග්‍රහනය කරවීම සඳහා මෙම මහා වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තීය…
-
පාස්කු ප්‍රහාරය පිටුපස සත්‍යය හෙළිකරන්න – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙරට බලධාරීන්ගෙන් ඉල්ලති
—
in Local Newsමීට වසර තුනකට පෙර එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය වහා හෙළි කරන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඊයේ (25 දා) ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. එය රටේ සාමය ඇති කිරීමට ඉවහල් වන බවද කී උන්වහන්සේ මෙරට මුහුණ දී සිටින දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකිවේවා යැයි ද එහිදී යාච්ඤාවකට එක්වෙමින් සඳහන් කළහ. උන්වහන්සේ මේ…
-
ඉන්ධන මිල වැඩි කිරීම ගැන පැතිරෙන රාවයේ ඇත්ත නැත්ත
—
in Local Newsඉන්ධන පිරවුම්හල් රැසක ඊයේ රාත්‍රියේ ද දිගු පෝලිම් දක්නට ලැබුණා. ඒ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමන බවට සමාජ මාධ්‍යයේ පළවූ වාර්තා හේතුවෙන්. කෙසේවෙතත් ඉන්ධන මිල ඉහළ යාමක් සම්බන්ධයෙන් පළව තිබූ එම වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ රාත්‍රියේම ප්‍රකාශ කළා. අමාත්‍යවරයා පැවසුවේ යලිත් ඉන්ධන මිල ඉහළ දැමීමට මෙතෙක් කිසිදු තීරණයක්…
-
වෙඩි තියන්න අණදුන් බව කෑගල්ල පොලිස් ප්‍රධානියා පිළිගනී
—
in Local Newsරඹුක්කන ඇතිවූ නොසන්සුන්තාව මැඩ පැවැත්වීමේදී අවම බලය පාවිච්චි කර දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ ලබාදුන් බව කැගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ. කිර්තිරත්න පිළිගෙන තිබෙනවා. ඒ, කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදි මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඉදිරියේ සාක්ෂි දෙමින්. එහිදී ඔහු පවසා ඇත්තේ රඹුක්කන සිදුවු සිද්ධිය මැඩ පැවැත්වීම සදහා විශාල පරිශ්‍රමයක් දැරුවද එය අපහසුවීම හා මහජන ජිවිත බේරා ගැනිම සදහාත්,…
-
කැබිනට් ඇමතිවරුන් 17 දෙනෙකු දිවුරුම් දෙයි
—
in Local Newsනව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයී. අද දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 17ක්. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයයි. දිනේෂ් ගුණවර්ධන මීට පෙර කටයුතු කලේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසයි. ඩග්ලස් දේවානන්ද ධීවර අමත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. අධ්‍යාපන…
-
තවත් රාජපක්ෂවරයෙක් තනතුරු අත්හරී
—
in Local Newsකෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ශෂේන්ද්‍ර රාජපක්ෂ මීට පෙර කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන, වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන උසස් තාක්ෂණ හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ඒ අනුව පුරප්පාඩු වූ එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම්දී ඇත්තේ…
-
අගමැතිගෙන් අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක්
—
in Local Newsඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින රාත්‍රී 7.30 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා. රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ
-
ලබන සතියේ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
—
in Local Newsජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමක් හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා අදහස් දැක්වීමක් සිදුකිරීමට නියමිත බවයි. එහිදී වත්මන් ආර්ථීක තත්ත්වය සම්බන්ධයෙන් හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරනු ඇති බවටයි වාර්තා පළ වන්නේ. කැබිනට් මණ්ඩලයේ සියලුදෙනා ඉල්ලා අස්වීමෙන් පසු මේ දක්වා කැබිනට්…
-
මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යංශ ලේකම් පත්වේ
—
in Local Newsශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන යන මහත්වරුජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත.අදාළ පත්වීම් ලිපි අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් භාර දෙනු ලැබිණ.
-
අර්බුද මැද තීරණාත්මක පාර්ලිමේන්තුව අද
—
in Local Newsපාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වනවා. ඒ අනුව අද සිට ලබන 08 වනදා දක්වා දින 04 ක් පාර්ලිමේන්තුව රැස්වනු ඇති. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර සඳහා අඛණ්ඩව පැමිණෙන ලෙසයි දැනුම්දී ඇත්තේ. ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම ඉල්ලීම සිදුකර ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය…