Tag: news

  • වැල්ලවායේ ඉන්ධන පොලීමක පිහි ඇණුමක්

    වැල්ලවාය නගරයේ පිහිටා ඇති IOC ඉන්නධ පිරවුම් හලේ ඊයේ රාත්‍රී පිහි ඇණුමක් සිදු වී තිබෙනවා. ඉන්ධන පොලීමේ සිටි පුද්ගලයන් අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යෑමේන්  පුද්ගලයකු විසින් එම ඉන්නධ පිරවුම් හලේ පොලීම අසල රැදී සිටි සිව්දෙනෙකුට පිහියකින් පහර දී ඇත. එම පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් සිව්දෙනා කඩිනමින් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත්…

  • සෞඛ්‍යයට දෙන්නත් රටේ පෙට්‍රල් තොග මදි වෙයි

    පෙට්‍රල් පරිභෝජනය කරන මෙරට ජනතාව අද දිනය පිලිබඳව දැඩි විශ්වාසයකින් පසුවනවා. ඒ, ඊයේ උදෑසන මෙරටට ලඟා වීමට නියමිතව තිබු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව අද දිනයේ දිවයිනට ළඟාවේයැයි තබා ඇති බලාපොරොත්තු හේතුවෙන්.  අද දිනය පිළිබඳ අපේක්ෂාවෙන් පසුවන බොහෝ පිරිසක් දින කිහිපයක සිටම තවදුරටත් පෝලිම්වල රැඳී සිටිනවා. ඊයේ පෙට්‍රල් නැව නොපැමිණෙන බව…

  • විශේෂ ඉන්දීය දුත පිරිස මෙරටට පැමිණෙයි

    ශ්‍රී ලංකාවට මූල්‍ය අධාර සැපයීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය රජයේ සිව් දෙනෙකු ගෙන් යුත් විශේෂ දූත පිරිස අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණ තිබෙනවා. මෙම දූත පිරිසේ ප්‍රධානත්වය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා විසින් හොබවනු ලබනවා. ඉන්දියාවට අයත් කේ.- 3603 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින උදෑසන 09.20 ට…

  • අතුරුගිරියේ පිරවුම් හලක් අසල කලහකාරී ලෙස හැසිරුණු 09 දෙනෙකු අත්අඩංගුවට

    අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්තාවක් පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 06 දෙනා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇති බවයි.  සිද්ධියට සම්බන්ධ කාන්තාවක් ඇතුලු සැකකරුවන් 09 දෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවද…

  • ෂෙඩ්වලට දෙන තෙල් සීමා කරයි

    තෙල් සංස්ථාව සතුව දැනට ඇත්තේ පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් පනස්දහසක් නිසා දිනකට ඉන්ධන හල්වලට යවන පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික්‌ ටොන් 500 ට සීමා කිරීමට තෙල් සංස්ථා අලෙවි අංශය පියවර ගෙන තිබේ. ඉන්දීය ණය යටතේ මෙරටට එන අවසන් ඩීසල් නැව ඊයේ (16 වැනිදා) කොළඹ වරායට පැමිණි අතර එය ගොඩබෑවත් එම ඩීසල් මෙට්‍රික්‌ ටොන් 40,000 ප්‍රමාණවත් වන්නේ දින හතකට…

  • මවක් දරුවා කැළණි ගඟට විසික් කරයි

    සිය පස් හැවිරිදි දරුවා වත්තල කදිරාන පාලම මතින් කැලණි ගඟට දමා ගඟට පැන දිවි හානි කරගැනීමට තැත් කිරීමේදී  42 හැවිරිදි මවක් ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා බේරාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්ලුව පවසනවා. සිද්ධියට සම්බන්ධ කාන්තාව මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ. තමන් ගේ උකුලේ ඇති ආබාධයක් හේතුවෙන් දරුවා ජිවත්…

  • චීන සහල් තවත් දින 10කින් දිවයිනට

    චීනය මෙරටට පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති සහල් තොගයේ පළමු කොටස ලබන 25 වනදා ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා.  ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පැවසුවේ චීන රජය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන රෙන්මින්බි මිලියන 500 ක වටිනාකමකින් යුත් සහල් තොගයේ පළමු කොටස රැගත් නෞකාව එලෙස ලබන 25 වනදා කොළඹ…

  • එක්දින සේවයෙන් පාස්පෝට් නිකුත් කිරීම අද සිට වැඩි වෙයි

    එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය අද සිට වැඩිකිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.  මේ දක්වා එම සේවාව යටතේ දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරනු ලැබුවේ උපරිමය 2000 ක් දක්වා පමණයි. එහෙත්, අද දිනයේ සිට එම සීමාව 3500 ක් දක්වා වැඩි කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඒ අනුව අද දිනයේ සිට…

  • රාජ්‍ය සේවය ඉහළ දමන්න ජනපතිගෙන් උපදෙස්

    අඩු කාලයකින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ලබාදීම සහ සේවක තෘප්තිය ඉහළ දැමීම ඉලක්ක කරගනිමින් රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යනයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශ කාර්යභාරය සහ කඩිනම් ගෙවතු වගා සංග්‍රාමය පිළිබඳ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.…

  • මුව ආවරණ අනිවාර්ය නොවේ

    රසිද්ධ ස්ථාන වල සහ පෞද්ගලික ස්ථාන මුව ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.එසේම හෙට සිට පීසීආර් පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම අනිවාර්ය නැතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.කොවිඩ් රෝගය පැතිරීම පාලනය සඳහා මෙතෙක් මෙම නීතිය ක්‍රියාත්මක විය.