Tag: news
-
තවත් තරුණියක් අතුරුදන්
—
ජා ඇළ, ඒකල, කොරලේලියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි තරුණියක් අතුරුදන්ව ඇති බවට ඇයගේ දෙමව්පියන් පවසයි. මෙලෙස අතුරුදන්වී ඇත්තේ කෝෂිලා රොෂෑන් නමැති තරුණියකි. ඇයගේ දෙමව්පියන් පැවසුවේ පසුගිය 08 වනදා පෙරවරු 7.30 ට පමණ පංතියකට සහභාගීවීම සඳහා ඇය නිවසින් පිටව ගිය බවය. මේ වනවිට දින 12ක් පුරා ඇය සම්බන්ධයෙන කිසිදු තොරතුරක් නොමැති බව ඇයගේ මව පැවසුවාය.…
-
විජයකලා මහේෂ්වරන් නිදහස්
—
ඉකුත් 2018 වසරේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කර තිබෙනවා. ඒ අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී යි. 2018 ජුලි 2 වැනිදා යාපනයේ…
-
පිටකොටුවේ දුරකතන අලෙවිසැල් 20කට නඩු: සිව් වසරකට පෙර තහනම් කළ උපාංග තවමත් අලෙවියේ
—
පිටකොටුව ප්‍රදේශයේ ඇති දුරකතන සහ උපාංග අලෙවි කරන වෙළෙඳසැල් 20කට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා තිබෙනවා. ඒ, එම අලෙවිසැල්වල තුළ ඇති ලංකාවට ගෙන්වා බෙදාහරින දුරකතන හා උපාංගවලට වගකීම් සහතිකයක් ලබා නොදීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, SLS ප්‍රමිතියට අනුකූල නොවන උපාංග විකිණීම සහ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබීම යන චෝදනා සම්බන්ධයෙන්. මෙම වෙළෙඳසැල්වල අලෙවි කිරීම සඳහා…
-
මිතුරියන් දෙදෙනෙක් සියදිවි නසා ගෙන
—
කිලිනොච්චිය, පෙරියපරන්තන් ප්‍රදේශයේ නිවසක තිබී මිතුරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. කිලිනොච්චිය පොලීසිය සඳහන් කළේ, එම මළ සිරුරු ඊයේ (16) සොයා ගත් බවය. ඔවුන් දෙදෙනා නිවස තුළ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටිය දී මෙලෙස සොයාගෙන තිබේ. එලෙස සියදිවි නසාගෙන ඇත්තේ අවුරුදු 17ක් වූ සුරේෂ් කුමාර් තනිකේ හා ලෝගේෂ්වරන් තමිලිනි යන මිතුරියන් දෙදෙනෙකි.අදාළ මරණයන් සම්බන්ධයෙන්…
-
පාස්කු ප්‍රහාරයේ පාර්ලිමේන්තු තේරීම් කරක සභා යෝජනාව හෙට පාර්ලිමේන්තුවට: සුසිල් ප්‍රේමජයන්ත සූදානමින්
—
පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයට අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනාව හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉදිරිපත් කරනු ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ. චැනල් 4 නාලිකාව විසින් පසුගිදා පාස්කු ප්‍රහාරයට අදාල වාර්තා චිත්‍රපටයක් විකාශනය කළා. ඒ සමඟයි ජනාධිපතිවරයා එම සිදුවීම විමර්ශනය සඳහා පාර්ලිමේන්තු තේරීම්…
-
තරුණියකට අමානුෂිකව පහර දුන් ව්‍යාපාරික යුවළට ඇප
—
කඳාන ප්‍රදේශයේ ආයතනයකදී 19 හැවිරිදි තරුණියකට අමානුෂික ලෙස පහර දුන් අඹුසැමි යුවළක් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට වැලිසර වැඩ බලන මහේස්ත්‍රාත්වරිය ඊයේ (ඔක්. 15) නියෝග කළා ය. සේවා ස්ථානයේදී සිදු වූ පහර දීමට අදාළ සී.සී.ටී.වී. දර්ශන සමාජ මාධ්‍යයෙහි සංසරණය වීමෙන් අනතුරුව කඳාන පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත්…
-
යුද ගිනිදැල් මැද ලෝක බොර තෙල් මිලේ ලොකු වෙනසක්
—
ගාසා තීරයේ මතුවෙමින් ඇති යුද ගිනිදැල් මැද ලෝක බොර තෙල් මිල වැඩිවෙමින් පවතින බව විචාරකයෝ පෙන්වා දෙති. පසුගිය සිකුරාදා බොර තෙල් බැරලයක මිල 5.7%කින් වැඩිවූ අතර එය සඳහන් වූයේ ඩොලර් 91.20ක් ලෙසය. නමුත් අද (16) ද බොර තෙල් මිලෙහි වැඩි වෙනසක් සිදුනොවිණි. නමුත් විචාරකයින් පවසන්නේ ඊශ්‍රායෙල් – හමාස් අර්බුදය අනෙකුත් ප්‍රදේශවලටත් පැතිරයාමට ඉඩ ඇති බැවින්…
-
මෙරට ගෘහ සේවිකාවක ට සෞදියේදී ගිනි තබයි
—
සෞදියේ ගෘහ සේවයට ගොස් සිටි මෙරට කාන්තාවකට ඇය සේවය කළ නිවසේ හිමිකරු සහ හිමිකාරිය එක්වී ශරීරයට පෙට්‍රල් දමා ගිනිතැබූ පුවතක් වාර්තා විය. මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදී ඇත්තේ ගොතටුව නව නගරයේ පදිංචිවී සිටි නයනා දිල්රුක්ෂි නම් 45 හැවිරිදි කාන්තාවකි. ඇය පැවසුවේ, මීට මාස 07කට පමණ පෙර මෙම අවාසනාවන්ත සිදුවීමට තමන් මුහුණ දුන් බවය. මාස ගණනක් සෞදියේ…
-
මොරටුවට ආ කිඹුල් බිය
—
මොරටුව ලුනාව දුම්රිය ස්ථානය ආසන්නයේ මහා මාර්ගයේ සිට අඩි 8ක් පමණ දිගකින් යුත් කිඹුලෙක් ප්‍රදේශවාසීන් විසින් අද (12) අලුයම 1ට පමණ සොයා ගෙන ඇත. කිඹුලා මුහුදු වෙරළේ සිට රේල් පාර හරහා ගමන් කර ඇති බවට දිස්වන පා සටහන් ද දක්නට ලැබුණි. ප්‍රදේශවාසීන් විසින් කිඹුලා අල්ලා ගෙන ඇති අතර ඒ බව දෙහිවල සත්ත්වෝද්‍යානයට, පොලීසියට සහා බෙල්ලන්විල…
-
බංග්ලාදේශයට දැවැන්ත ඉලක්කයක්
—
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7වන තරගයේ බංග්ලාදේශයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 364ක් රැස්කරගත්තේය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Dawid Malan පන්දු 107කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 16ක් සමග ලකුණු 140ක් රැස්කරගත්තේය. ඔහුට අගනා සහයක් දුන් ජෝ රූට් පන්දු 68කදී හයේ පහරක් සහ හතරේ පහර 8ක්…