Tag: news
-
ජනාධිපති තෝරන ජන්දයට නාම යෝජනා 03ක්
—
in Local Newsශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා නාමයෝජනා භාරගැනීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ආරම්භ විය. ඒ අනුව, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් යෝජනා කරනු ලැබූ අතර එය අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ස්ථීර කරනු ලැබීය. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ නම එම පක්ෂයේ…
-
ජනපති තරගයෙන් සජිත් ඉවත් වෙයි
—
in Local Newsජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන් නාමයෝජනා භාර නොදී සිටීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටිනවා. ට්විටර් සටහනක් තබමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියේ සමගි ජනබල වේගය පක්ෂයේ සහය ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට ලබාදීමට තීරණය කර ඇති බවයි.
-
අරගලයට කල් ඉකුත් වූ කඳුළු ගෑස් හා CS ගෑස් ගහලා
—
in Local Newsපසුගිය දිනවල කොළඹ පැවති උද්ඝෝෂණවලට කල් ඉකුත් වූ කඳුළු ගෑස් උණ්ඩ සහ සී.එස්. ගෑස් යොදාගෙන ජනතාවගේ මූලික අයිතීන්ට බරපතළ හානියක් කර තිබෙන බව සඳහන් කරමින් ලබන බදාදා (ජූලි 20) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම සඳහන් කළේ ය. වසර පහක කාලයක් සඳහා වලංගු වන ලෙස කඳුළු ගෑස් උණ්ඩ…
-
හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්
—
in Local Newsඅද සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව රට තුළ සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයන් අධිකරණ නියෝගයකින් තොරව අත්අඩංගුවට ගැනීමේ බලය සහ ඔවුන් රඳවා ගෙන ප්‍රශ්න කිරීමේ බලය පොලිසියට හිමි වේ.
-
රන්ජන්ට නිදහස දෙන්න රනිල් වැඩ පටන් ගනී
—
in Local Newsබන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාට සමාව දී නිදහස ලබාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාළ ලිපි ලේඛන දැන් පරීක්ෂා කරගෙන යන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ ට ඊයේ (17 දා) පැවසීය. රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන ලෙස කලා සංවිධාන රැසක් කළ ඉල්ලීම සලකා බලා මේ පිළිබඳව වහාම කටයුතු කිරීමට වැඩබලන ජනාධිපතිවරයා පියවර ගෙන…
-
දේශපාලන පක්ෂ නායකයින් සහ අරගලකරුවන් අතර සාකච්ඡාවක්
—
in Local Newsකතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අරගලකරුවන් නියෝජනය කරමින් එහි නායකයින් ලෙස හඳුනාගත් විසිපස් දෙනෙකු සමග අද සවස 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් පැවැත්වේ මෙහිදී පිහිටුවීමට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳව ඔවුන්ගේ යෝජනා ලබා ගැනීමට නියමිතය.
-
රට යන්න ආ බැසිල් ආපසු හැරී යයි
—
in Local Newsහිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම දිවයිනෙන් පිටව යෑමට දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව වාර්තා වනවා. හිටපු අමාත්‍යවරයා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි බලා පිටව යාමට සුදානම් ව සිටිය බවයි වාර්තා වන්නේ. ඒ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්. කෙසේ වුවද අද අලුයම ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයට…
-
අබේ වෙනුවෙන් අද ශෝක දිනයක්
—
in Local Newsජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද (ජූලි 12) දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ආමත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ පැවසීය. ඒ අනුව, අද දින සියලු ම රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන්නැයි රජය දැනුම් දුන් බව ද…
-
ජනපති ගෙන් අගමැතිට දැනුම් දීමක්
—
in Local Newsතමන් පෙර දැනුම් දුන් අයුරින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මිට සුළු මොහොතකට පෙර දැනුම් දී ඇත.
-
ජනපති ගෙන් අගමැතිට දැනුම් දීමක්
—
in Local Newsතමන් පෙර දැනුම් දුන් අයුරින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මිට සුළු මොහොතකට පෙර දැනුම් දී ඇත.