Tag: news

  • අද සිට තෙල් දෙන්නේ මෙහෙමයි

    ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදයක් අනුව ඉන්ධන ලබාදීම අද (අගෝ: 1) සිට රට පුරා පිහිටි ඉන්ධන හල් තුළ ක්‍රියාවට නැංවීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පැවසීය. ඔහු සඳහන් කළේ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී මෙම නව ක්‍රමවේදය කරන බවත් මෙම ක්‍රමවේදයෙන් පරිබාහිරව කිසිදු අයුරකින් ඉන්ධන…

  • පිරවුම්හල් 826 ක QR ඛේතය සූදානම්

    ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ QR ඛේතය ක්‍රියාත්මක කළ හැකි ඉන්ධන පිරවුම්හල් සංඛයාව 826 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරට සිපෙට්කෝ පිරවුම්හල් 713 ක් ඇතුලත්.  ඊයේ දිනය තුළ පමණක් පිරවුම්හල් 536 ක මෙම ක්‍රමවේදයට ක්‍රියාත්මක කෙරුණා. ඒ හරහා ඉන්ධන නිකුත් කෙරුණු වාහන සංඛ්‍යාව එක් ලක්ෂ 87,005 ක්.  ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් එක් ලක්ෂ 63,544 දෙනෙකු…

  • GotaGo සටන දිනලා ඉවරයි

    ගාලු මුව‍ෙදාර පිහිටි ‘ගෝඨාගෝහෝම්’ අරගලය මේ වනවිට සංකේතීයව ජයග්‍රහණය කර ඇති නිසා තවදුරට ත් එම භූමිය තුළ හිඳිමින් සිදුකළ හැකි අරගලයක් නොමැති බව ත් එම අරගලයට දායකත්වය අදින් අවසන් කරන බව බ්ලැක් කැප් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. ‘ගෝඨාගෝහෝම්’ නමැති සටන් පාඨය සමග ඔවුන් එකඟ වූ අප්‍රකාශිත එකඟතාවන් එනම් අරගල භූමියේ පාර්ශ්ව ගණනාවක්…

  • ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනයට සීමා

    දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි බැවින් ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය හඳුන්වා දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, විදේශ විනිමය සම්බන්ධයෙන් පවතින් ගැටලු හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදු වන බව ය. ලංකා ඛනිජ තෙල් සංස්ථාව කිසි දිනක සෑම ඉන්ධන…

  • නව අගමැති දිනේෂ් වැඩ අරඹයි

    නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධූරයේ අද (ජූලි 25) වැඩ භාර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ ඔහු වැඩ භාර ගෙන ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජූලි 22 වනදා දිවුරුම් දුන්නේ ය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 27 වන අග්‍රාමාත්‍යවරයා වන්නේ, දිනේෂ් ගුණවර්ධන යි.

  • දුම්රිය ගාස්තු අද සිට ඉහළට

    අද (ජූලි 23) සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි. නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව, රුපියල් 10ක් ලෙස පැවති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ යනු ඇත. දෙවන පන්තිය සඳහා අවම ගාස්තුව රුපියල් 50ක් වන අතර පළමු පන්තියේ අවම ගාස්තුව රුපියල් 100ක් ලෙස සංශෝධනය කර තිබේ. වේදිකා ප්‍රවේශ පත්‍ර…

  • මුහුණු ආවරණ පැලඳීම යළි අනිවාර්ය කරන්න

    නව ප්‍රභේදයක් සහිතව කොවිඩ්-19 රෝගය යළි හිස ඔසවා තිබෙන බැවින් මුහුණු ආවරණ පැලඳීම සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යංශය මීට පෙර ගෙන ඇති තීරණය යළි සමාලෝචනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. අවම වශයෙන් කොරෝනා දැඩි අවදානම් කලාපවලට මුහුණ ආවරණ අනිවාර්ය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය. ලෝකයේ…

  • නව අගමැති, කැබිනට් මණ්ඩලය මල් පාරේදී අද දිවුරුම් දෙයි

    නව අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අද (ජූලි 22) පෙරවරු 10.00ට කොළඹ 03, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිත ය. පැවති කැබිනට් අමාත්‍යාංශවලට එම ඇමැතිවරුන් පත් කිරීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍යාංශයට මහාචාර්ය ජී.එල්. පීරිස් වෙනුවට නීතිඥ අලි සබ්‍රි පත් කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ සෙසු දේශපාලන පක්‍ෂවල නියෝජනය ද හිමි වන පරිදි තවත් අමාත්‍ය ධ්හූර…

  • ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ

    ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ඒකාන්තර බහුතර ඡන්දයෙන් තේරී පත් විය. ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අද (ජූලි 20) පැවති ඡන්ද විමසීමේදී ඔහු ඡන්ද 134ක් ලබා මෙලෙස මෙරටට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. ඒ අනුව, ඔහු…

  • අරගලකරුවන්ගෙන් නව දේශපාලන පක්ෂයක්

    ජන අරගලයේ පුරවැසියෝ; නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර ගැනීම සඳහා ගාලු මුව‍ෙදාර අරගලයේ නිරත විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (ජූලි 18) මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. පවතින දේශපාලන අර්බුදයට එරෙහිව නැගී සිටි සමස්ත ලාංකේය අරගලකරුවන් වෙනුවෙන් මෙම නව දේශපාලන පක්ෂය ලියාපදිංචි කර ගැනීමට කටයුතු කළ බව එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසීය. අරගලයේ නිරත නිර්පාක්ෂික අරගලකරුවන් වෙනුවෙන්…