Tag: news

  • විදුලි බිල සීයයට 75කින් වැඩි කෙරේ

    හෙට (අගෝ. 10) සිට බලපැවැත්වෙන පරිදි සියයට 75ක සාමාන්‍ය අගයකින් විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. එම කොමිසමේ සභාපති ජනක රත්නායක මේ බව පැවසීය. ඒ අනුව, ඒකක 30ක් දක්වා භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සඳහා අමතරව රුපියල් 198ක මුදලක් මෙම ඉහළ දැමීම හරහා එකතු…

  • ජීවන්ත පීරිස් පියතුමාගේ පෙත්සමට නීතිපතිගෙන් විරෝධතාවයක්

    තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අරගලයේ නියුතු ජීවන්ත පීරිස් පියතුමා විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් බරපතල ලෙස විරුද්ධ වන බව නීතිපතිවරයා විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. නිසි අධිකරණ  පටිපාටිය අනුගමනය නොකොට කෙටි මාර්ගයකින් මෙලෙස සහන පැතීම සඳහා ඉදිරිපත් වීම අනුමත කළ නොහැකි බව ජේෂ්ඨ රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම…

  • IOC පිරවුම්හල් 50 ක් විවෘත කිරීමට අවසර

    නව ඉන්ධන පිරවුම්හල් 50 ක් අලුතින් ස්ථාපිත කිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අවසර හිමිව තිබෙනවා.  කොළඹ කොටස් වෙළදපොල ප්‍රකාශකයෙකු පැවසුවේ එම සමාගම විසින් ඒ සම්බන්ධයෙන් සිය ආයතනය වෙත දැනුම්දීමක් කර ඇති බවයි.  ඒ අනුව නව ඉන්ධන පිරවුම්හල් 50 ක් හැකි ඉක්මණින් ස්ථාපිත කිරීමට එම සමාගම තීරණය කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.

  • “ගෝඨාට එන්න වාතාවරණය හොඳ නෑ”

    රටේ දැනට පවතින දේශපාලන වාතාවරණය තුළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණීම එතරම් සුදුසු නැතැයි ආරක්ෂක අංශ ආණ්ඩුවට දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ ප්‍රධානියකුගෙන් ‘මව්බිම’ කළ විමසුමකදී පැවැසුවේ එවැනි තොරතුරු ලැබී තිබෙන බව ය. දැනට සිංගප්පූරුවේ සිටින ගෝඨාභය රාජපක්ෂට එරට රැඳී සිටීමට වීසා ලැබී තිබෙන්නේ…

  • ඛණිජ තෙල් සපයන්න තවත් සමාගම් වලටත් අවසර

    ඛණිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, බෙදා හැරීම සහ අලෙවිය සඳහා සුදුසු සමාගම් ඇගයීමට කමිටුවක් පත් කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. ඔහු සඳහන් කළේ, ඊයේ (අගෝ. 5) අදාළ කමිටුව පත් කළ බව ය. ඒ අනුව, ඉදිරියේදී සිපෙට්කෝ සහ ලංකා IOC සමග ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල්…

  • රියැදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව ඉහළට

    රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අළුත් කිරීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තු අගෝ. 8 වන දා සිට සංශෝධනය කර තිබේ. වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සහ ඒ සඳහා භාවිත කරන ද්‍රව්‍ය හා උපකරණවල මිල ඉහළ යාම හේතුවෙන් මෙම සංශෝධනය සිදුකළ බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කර ඇත. ඒ අනුව, සැහැල්ලු වාහන සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව…

  • ජනපති සහ පක්ෂ අතර අදත් සාකච්ඡා

    සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ශව කිහිපයක් සමග අද දිනයේ ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.  සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමඵ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඉදිරි සාකච්ඡාවලට එක්වීමට එකගතාව පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක් සමග ජනාධිපතිවරයා ඊයේ…

  • විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

    ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ඒ සඳහා නව කමිටුවක් පත් කරන බවයි.  එම කමිටුව පත් කර මාසයක් ඇතුළත නිර්දේශ ලබාගැනීමට කටයුතු කරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.  එමෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සංශෝධිත ගාස්තු අනුපාත ද කැබිනට්…

  • දිවයිනේ නිරිත දිග කොටසට තවදුරටත් වැසි

    නිරිත දිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමක් සමඟ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර හා වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි…

  • හිටපු ජනපතිට ආපසු එන්න හොඳ කාලය මෙය නොවෙයි – ජනපති රනිල් කියයි

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.රාජපක්ෂ මහතා මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණියහොත් නැවත දේශපාලන නොසන්සුන්තාවයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර තිබේ.