Tag: news
-
ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්
—
in Local Newsපළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (29) පාර්ලිමේන්තුවේ දැක්වූ ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් මෙලෙස අර්ථය විකෘති වන ආකාරයට වාර්තා කර ඇති බවය. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන…
-
පාසැල් සිසුන්ට රසකැවිලි කියා මත්ද්‍රව්‍ය දුන් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට
—
in Local Newsපානදුර, වලාන ප්‍රදේශයේ වෙළඳසැලක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කළ හැකි රසකැවිලි පාසැල් සිසුන්ට අලෙවි කළ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, පානදුර උතුර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සැකකරුවන් දෙසැම්බර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මේ අතර…
-
ඩයනා ගමගේට නොතීසි
—
in Local Newsරාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (නොවැ. 26) නියෝග කර තිබේ. ඒ අනුව, ඇය ඇතුළු වගඋත්තරකරුවන්ට ඒ සම්බන්ධයෙන් දෙසැම්බර් මස 12 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය නොතීසි ද නිකුත් කර ඇත. ආගමන හා විගමන…
-
කොටි හා පාස්කු සැකකරුවන්ගේ චෝදනා කඩිනමින් විමර්ශනයට
—
in Local Newsඑල්.ටී.ටී.ඊ චෝදනා සහ පාස්කු ප්‍රහාරයේ චෝදනා මත ආරක්ෂක අංශ අත්අඩංගුවේ සහ රඳවා ගැනීමේ නියෝග මත තබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳ විමර්ශන කඩිනමින් අවසන් කොට මේ වසර අවසානයට පෙර ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, අදාළ චෝදනා ලැබූවන් අතරින් අධිකරණය හමුවේ චෝදනා ගොනුකළ හැකි පුද්ගලයන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමටත්, පුනරුත්ථාපනය කළ යුතු අය…
-
ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්
—
in Local Newsජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල් වැයකොට දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට වත්මන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ එම සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ, හිටපු අධ්යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට අද (22) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය. අධි…
-
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද
—
in Local News2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරු 5ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ලබන වසර සඳහා වන අයවැය පසුගිය 14 වන දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ…
-
රනිල්ට කේක් කවමින් රම්පෝසා දුන් පොරොන්දුව
—
in Local News‘සත්‍ය සහ සංහිඳියා කාර්යාලය’ යළිත් ස්ථාපනය කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීමට දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා ජනාධිපති රනිල් වික්‍රමසිංහට පොරොන්දු වී තිබේ. ‘සත්‍ය හා සංහිඳියා කාර්යාලය’ ස්ථාපනය කිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා මෙරට නියෝජිත කණ්ඩායමක් දකුණු අප්‍රිකාව වෙත යොමු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි රම්පෝසා මහතා වෙත දැනුම් දී තිබේ. දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ජී20…
-
10-11 විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් ම පිට වෙලා
—
in Local Newsබස්නාහිර පළාත් 10 සහ 11 ශ්‍රේණි සඳහා පැවැත්වෙන දෙවන වාර විභාගයේ අද (නොවැ. 18) දිනයේ ලබා දීමට නියමිත විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම හේතුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් ඇතුළු පාසල් කිහිපයක එම ප්‍රශ්න පත්‍රය ලබා දීම අත්හිටුවීමට තීරණය කොට ඇත. දෙවන වාර විභාගයේ ප්‍රශ්නපත්‍ර කලාප අධ්‍යාපන කාර්යාලවලින් පාසල්වලට සකස් කොට ලබා දෙන අතර පාසල්වල විභාග…
-
ජනපති සියලු ඇමතිවරු කැඳවයි
—
in Local Newsවිශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එම රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාගේ මංගල අයවැය අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට අනුමැතිය ලබාගැනීම සඳහා එම කැබිනට් රැස්වීම පැවැත්වෙනු ඇත. එම රැස්වීමෙන් අනතුරුව සියලු…
-
වැඩි මිලට බිත්තර වික්ක තවත් වෙළදසැලකට රුපියල් ලක්ෂයක දඩයක්
—
in Local Newsවැඩි මිලට බිත්තර අලෙවි කළ වැල්ලවාය, පැල්වත්ත ප්‍රදේශයේ වෙළදසැලකට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් වැඩි මිලට බිත්තර අලෙවි කළ එම වෙළදසැල් හිමියා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් වැල්ලවාය ප්‍රදේශයේ වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළදසැල් සොයා වැටලීමක් සිදු කර තිබුණා.…