Tag: news

  • සරසවි සිසුවියගේ ඝාතනයට හේතුව හෙළිවෙයි

    කොළඹ තුරඟ තරග පිටියේදී තරුණියක් තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම තරුණියගේ පෙම්වතා පොලීසිය විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය. ඝාතනයට ලක්වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති 24 හැවිරිදි හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබූ තරුණිකයකගේ මළසිරුර කොළඹ තුරඟ තරග පිටියේ පඩිපෙළක්…

  • ඉන්ධන නිකුත් කිරීම ගැන නිවේදනයක් 

    QR ක්‍රමයට පරිබාහිරව සිදු කරමින් සිටි ඉන්ධනහල් කිහිපයක කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටිනවා. ඉන්ධන ඇණවුම් කිරීම සහ බෙදා හැරීම පිළිබඳ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ නිළධාරීන් සමඟ ඊයේ දින පැවැත්වූ පැවැත්වු ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මෙම තීරණය ගත් බවයි සඳහන් වන්නේ.…

  • 2030 වනවිට යුද හමුදාව 100,000ක් දක්වා අඩුකරයි

    ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වුවද 2024 වනවිට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. එසේම එම සංඛ්‍යාව 2030 වනවිට 100,000 දක්වා වූ ප්‍රමාණයක පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

  • විවාහ යෝජනාවට බෑ කියූ 14 හැවිරිදි දැරියට දත් කැඩෙන්න ගහලා

    වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි සිටි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදුකර තිබේ. පසුව අදාළ පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් වාද්දූව පොලීසිය විසින් අත්අඩංගුවට ඇත. කඩු කිනිසි, පොලු මුගුරු රැගෙන පැමිණි පිරිසක් එම නිවසේ විසූ 14 හැවිරිදි දැරියකට අමානුෂික අන්දමින් දත් කැඩෙන සේ පහරදී ඇයගේ මුඛයේ…

  • අභිජනනය කළ බිත්තර ලක්ෂ දෙකක් ආනයනය කිරීමට පියවර

    බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව් සතුන් හිඟය අවම කරලීමට අභිජනනය කළ බිත්තර (Hatching Eggs) ලක්ෂ දෙකක් මෙරටට ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යංශයේ පශු සම්පත් අංශයට උපදෙස් දී තිබේ. දැනට රට තුළ මාසික බිත්තර නිෂ්පාදනය මිලියන 30 දක්වා අවම වීමට හේතුව සත්ව ආහාර හිඟය මෙන් ම වාර්ෂිකව අවශ්‍ය…

  • විදුලි බිල ගැන අනුර අනතුරු අඟවයි

    විදුලි බිල සතියකින් ඉහළ දමනවා ද යන්න පිළිබඳ අවධානයෙන් සිටින බව ත් යම් හෙයකින් බිල ඉහළ නැංවීමට කටයුතු කළහොත් අනිවාර්යයෙන් ම දැවැන්ත වෘත්තීය මෙන් ම දේශපාලන ක්‍රියාමාර්ග ද ජවිපෙ විසින් ආරම්භ කරනු ලබන බව එහි නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ‘ඉරිදා මව්බිම’ට පැවසීය. ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග දැන් තියා පැවසීම අවශ්‍ය නොවන…

  • අපොස උපෙළ ගැන විශේෂ නිවේදනයක්

    2022 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භවීමට නියමිත බවය. විභාගය ආරම්භ කිරීමට දින 05කට පෙර ඊට අදාළ උපකාර පංති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම්…

  • විදුලි බිල සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    නව විදුලි ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව සූදානම් කළ පරිදි ම විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (ජන. 2) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත ය. මෙහිදී විදුලි ඒකකයක් සඳහා අය කරන ගාස්තුව මෙන් ම ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වේ. මේ වන විට විදුලි ඒකකයක් නිෂ්පාදනය…

  • ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

    ජනප්‍රිය ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට එතුමා 76 හැවිරිදි වියේ පසුවූවා. 1946 ජනවාරි මස 09 වෙනිදා උපත් ලැබූ ඔහු පුරා දශක 05 කට අධික කාලයක් මෙරට සංගීත කේෂ්ත්‍රයට ගීත රැසක් දායාද කළ ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස සැලකෙනවා. ඔහු විසින් ගායනා කළ ගීත ප්‍රමාණය 120 කට අධිකයි.

  • සජබ නායකයා යළිත් සජිත්

    විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකයා ලෙස බොරැල්ල කැම්බල් පිටියේ පැවති පක්‍ෂයේ වාර්ෂික සම්මේලනයේදී ඊයේ (දෙසැ. 11) නැවතත් පත් කරගනු ලැබිණි. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් කරනු ලැබූ යෝජනාව පැමිණ සිටි පාක්‍ෂිකයන් අත් ඔසවා අනුමත කිරීමෙන් මෙම පත්වීම සිදුකෙරිණි. සමගි ජන බලවේගයේ ප්‍රධාන නිලතල දැරූවන් ම නැවතත් ඒවාට පත්කෙරුණි. ඒ…