Tag: news

  • හයිලෙවල් යන බස්වලට විශේෂ දැනුම්දීමක්

    හෙට (01) දිනයේ සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවය. “බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඉදිරිපිට තියෙන හයිලෙවල් මාර්ගයෙන් බස්රථ නැවැත්වීම, මගීන් බැස්සවීම හා පැටවීම ආදිය…

  • සති හයකදී ගාල්ලෙන් ඩෙංගු රෝගීන් 164ක්

    ඉකුත් සති හයක කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 164 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පැවසුවේ ගාල්ල නගර සභාව, බද්දේගම, බලපිටිය, හබරාදුව, අක්මීමන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් ඩෙංගු රෝගින් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි. කෙසේවෙතත් එම කාලසීමාව තුල කිසිදු ඩෙංගු මරණයක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වි නොමැති බවද…

  • ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක පහසුකමක්

    ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක විදේශ විනිමය පහසුකමක් ලබාදෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර ෆයිනෑන්ශල්‍ කෝපරේෂන් පවසයි. මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා එම මුදල් භාවිත කිරීමට නියමිත බව ඔවුන් පැවසීය.  ජාත්‍යන්තර ෆයිනෑන්ශල්‍ කෝපරේෂන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පුද්ගලික බැංකු 3ක් වෙත එම මූල්‍ය පහසුකම හිමිවන බවය. එම මූල්‍ය පහසුකම යොදාගෙන ආහාර ද්‍රව්‍ය,…

  • QR ගැන තීරණයක් ?

    ඉන්ධන නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක වන QR ක්‍රමවේදය අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අප්‍රේල් 10 වන දා සිට QR කේත ක්‍රමය අහෝසි කිරීමේ තීරණයක් ගෙන නොමැති බව ය. මේ වන විට වෙන් කර ඇති ඉන්ධන කෝටා වැඩි කිරීම සඳහා…

  • බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    වන්දනා ගමනක නිරතවෙමින් සිටි කණ්ඩායමක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීගොස් තිබේ. අද (25) පෙරවරුවේ සිදුවී ඇති එම අනතුරෙන් පුද්ගලයින් 25ක් පමණ තුවාල ලබා මේ වනවිට පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු පැවසීය. අනතුර සිදුවෙන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයින් 48ක් පමණ සිට ඇති අතර මුරුතලාව නෙල්ලිගල මාර්ගයේ ස්ථානයකදී එම අනතුර සිදුවී ඇත.…

  • මහින්දට යළිත් අගමැති ධුරය දීමේ යෝජනාවක්

    දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර මහින්ද රපජක්ෂ මහතා නැවත අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත් කිරීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තමන් වෙත රැගෙන එනු ලැබ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසයි. මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. “පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මිත්‍රයෝ අපිටත් එහෙම යෝජනාවක් අරගෙන ඇවිලා තියෙනවා අග්‍රාමාත්‍ය ධූරය…

  • පොහොර ආනයනය ට පියවර

    එළඹෙන කන්නයට අවශ්‍ය පොහොර ආනයනය සඳහා පියවර ගෙන ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. එහි අධ්‍යක්ෂ චන්දන මුතුහේවගේ මහතා සඳහන් කළේ ලෝක කෘෂිකර්ම සංවිධානය සමඟ සම්බන්ධ වී පොහොර ආනයනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය. පසුගිය කන්නය සඳහා ආනයනය කළ පොහොර තොගයක්ද ඉතිරිව පවතින බව චන්දන මුතුහේවගේ මහතා ප්‍රකාශ කළේය.

  • ඡන්දෙ ගැන අලුත්ම තීරණයක්

    පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 9 වනදා පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (24) පෙරවරුවේ රැස්වී ඒ බව තීරණය කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසම වැඩිදුරටත් තීරණය කර ඇත්තේ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණු හේතුවෙන්…

  • බුත්තල යළි ත් භූ කම්පනයක්

    බුත්තල – වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 3.3ක අගයකින් යුත් භූ කම්පනයක් සිදු වී තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය. එම භූ චලනය අද (පෙබ. 22) පෙරවරු 11.44ට පමණ සිදුව ඇති බව එම නිවේදනයේ දැක් වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ප්‍රදේශයේ පාසලක ගුරුවරියක සඳහන් කළේ, මීට…

  • ඡන්ද ක්‍රමය ඩිජිටල් කළොත් අධික වියදම අඩු වෙනවා” – ඩිජිටල් පුරවැසි සංගමය

    මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළහොත් මැතිවරණ සඳහා දැරිය යුතු අධික වියදම සහ කාර්ය මණ්ඩලය අවම වන බව ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය පෙන්වා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදයටත් ජනතා පරමාධිපත්‍යයටත් ගරු කරන්නේ නම් දේශපාලන වාසි නොබලා අනාගත මැතිවරණ දැක්මක් උදෙසා මෙම තීරණය ගන්නා ලෙස එම සංගමයේ කැඳවුම්කරු අමන්ද රණසිංහ ඊයේ (පෙබ. 21) පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලීමක් කළේ ය.…