Tag: news
-
දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්
—
in Local Newsදිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර 02කට අවධානාත්මක නිවේදන නිකුත් කර ඇත. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, විල්ගමුව සහ නාවුල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් අදියර…
-
මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා දෙන්න බැහැ – මුද්‍රණාලයාධිපතිනිය
—
in Local News2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිසමට භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය එම කොමිසමට දැනුම් දී තිබේ. මේ වනවිට දිස්ත්‍රික්ක 17කට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් නමුත් ඒවා යළි පරීක්ෂා කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදුකළ යුතු වුවද…
-
කටුනායකින් පැන්න ‘බූරු මූණා’ අවිස්සාවේල්ලේදී කොටු වූ හැටි
—
in Local Newsරවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට අවසර ලැබී තිබේ. අවිස්සාවේල්ල ප්‍රදේශයේදී ඊයේ (17) සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු මනුෂ්‍ය ඝාතන 10කට අධික සංඛ්‍යාවකට චෝදනා ලබා සිටින පුද්ගලයෙකි. හංවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැළකට ඇතුළුවී එහි සිටි ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනීමැරුම් රැසක් සම්බන්ධයෙන් රවිඳු සංඛ…
-
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ
—
in Local Newsතැපැල් සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතින් පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත. ඕනෑ ම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පලාන ආයතනයකින්, සමූපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින්…
-
විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
—
in Local Newsපාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ, අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරන ලද පැමිණිල්ලක් අද (මාර්තු 13) දින කැඳවනු…
-
කොවිඩ්වලින් පසු පළමු වරට ෂැංහයි සිට චීන සංචාරකයින් 181 දෙනෙක් ශ්‍රී ලංකාවට
—
in Local Newsලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට පළමු වරට චීන සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඊයේ (මාර්තු 10) රාත්‍රියේ පැමිණි 181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරකයින් කණ්ඩායම දින 7ක කාලයක් මෙරට සංචාරය කිරීමට නියමිත ය. ඔවුහු ඊයේ රාත්‍රී 06.51ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. – 231 දරන…
-
සරසවි සිසුන්ට අදත් කඳුළු ගෑස්
—
in Local Newsකොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ප්‍රහාර එල්ල කර තිබේ. මීට ටික වේලාවකට පෙර කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට රීඩ් ඇවනිව් ප්‍රදේශයේදී එම කඳුළු ගෑස් හා අධිපීඩන ජල ප්‍රහාර එල්ල කළ බව “අද දෙරණ” වාර්තාකරු සඳහන් කළේය. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (07) දිනයේ…
-
රුපියලේ අගය තවත් ශක්තිමක් වෙයි
—
in Local Newsශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමක් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 334.50 ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 348.03ක් ලෙසත් සටහන්ව තිබුණා.
-
අද සිට ක්‍රියාත්මක ඉන්ධන ටෝකන් එක මෙන්න
—
in Local Newsගොවීන්ට ඉන්ධන නොමිලේ ලබාදීමට අදාළ ටෝකන් පත් නිකුත් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඉන්ධන අද සිටම ගොවීන්ට ලබාදීමට හැකිවන පරිදි ටෝකන් පත් නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව එම අමාත්‍යාංශය පවසයි. මෙරට වී වගා කරන ගොවි ජනතාවට වගා කටයුතු සඳහා භාවිත කිරීමට ඩීසල් ලීටර් මිලියන…
-
අනුර අද මැතිවරණ කොමිසමට
—
in Local Newsපළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (පෙබ. 28) මැතිවරණ කොමිසම හමුවට යාමට තීරණය කර තිබේ. අද පෙරවරු 9.30ට අනුර කුමාර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, නීතිඥ සුනිල් වටගල, වෛද්‍ය නිහාල් අබේසිංහ මේ සඳහා සහභාගි වෙති. පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම සහ…