Tag: news

  • කාර්ය සාධක බළකා 7ක් – සේවා ආයතන 54ක්

    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කාර්ය සාධක බළකා හතක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් ඇති කිරීමට සැලසුම් කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, රට තුළ ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් එම කටයුත්ත සිදුකරන බවය. කාර්යක්‍ෂමතාව වැඩිකිරීම සඳහා අදාළ ක්‍රියාවලි සරල කිරීම, ගතවන කාලය අඩු කිරීම සහ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට හැකියාව…

  • අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවන ගෑස් මිල ගණන් මෙන්න

    අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් පහත දමා ඇත. එහි නව මිල රුපියල් 3,638කි. මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 40කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,462කි. කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 19…

  • කුඹුරු යායක තිබී කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි

    කුඹුරුයායක නියරක් මත මුනින් අතරට වැටී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් සොයා ගෙන තිබේ. ඊයේ (02) ඌරගස්මංහන්දිය පොලිස් වසමේ වීරජනපදයේ පෙර පාසලක් පිටුපස තිබී එම මළ සිරුර හමුවූ බව පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, 66 හැවිරිදි වල්ඉඟුරුකැටිය, ඌරගස්මංහ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. මරණකාරිය වැටී සිටි ස්ථානය අසල අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක් ද දක්නට ඇති…

  • ලිට්‍රෝ ගෑස් මිල හෙට සිට යළිත් පහළට

    මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල මිල සංශෝධනයක් සිදු වන බව එම සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ, අදාළ මිල සංශෝධනය වන ගණන පිළිබඳව හෙට (මැයි 3) දිනයේදී නිල වශයෙන් දැනුම් දෙන බව ය. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහත දැමීමට බලාපොරොත්තු වන බව…

  • රුපියල් මිලියන 84ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

    කැනඩාවේ පදිංචි පුද්ගලයෙක් විසින් යාපනයේ පදිංචි තවත් පුද්ගලයෙක්ට එවන ලද භාණ්ඩ අඩංගු ලී පෙට්ටි 2ක් රේගු නිලධාරීන් විසින් පරික්ෂාකිරීමේදී එහි සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12ක් සොයාගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය පාර්සල් 24ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි. මෙම භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීම සඳහා භාණ්ඩ හිමිකරු විසින් බලය පැවරූ වාප්පු ලිපිකරුවාද රේගු අත්අඩංගුවට…

  • ඩයනාගේ පාස්පෝට් නඩුවට දිනයක් නැතිවෙයි

    ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අදාළව අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතියෙන් බලය තිබෙන බැවින් අධිකරණය විසින් ඊට අදාළව නියෝගයක් නිකුත් නොකරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය. එම සිද්ධියේ පැමිණිලිකාර ඕෂල හේරත් සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් විසින් මීට පෙර දින අධිකරණය…

  • උතුරු-නැගෙනහිර හෙට හර්තාල් දිනයක්

    උතුරු නැගෙනහිර පුරා හෙට (අප්‍රේල් 25) ක්‍රියාත්මක කිරීමට නියමිත පූර්ණ හර්තාල් ව්‍යාපාරයේදී රජයේ සේවකයන් ද ඊට හවුල්වන බව දෙමළ දේශපාලන පක්ෂ හතක නියෝජිතයෝ 22දා යාපනයේදී පැවසූහ. මේ නිසා එදිනට උතුරු නැගෙනහිර පළාත්වල රාජ්‍ය සේවා කටයුතු ද අඩාල වන බව කී පක්ෂ හතේ නියෝජිතයෝ මෙම පූර්ණ හර්තාලය දා සියලු ම වෙළෙඳසල් වසා දැමෙන බව ත් ගමනාගමන…

  • හම්බන්තොට මුහුදේ සුළු භූ කම්පනයක්

    හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ අද (24) අලුයම 12.45ට පමණ භූකම්පනයක් හටගෙන තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවය.

  • අධික උණුසුම හේතුවෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක්

    පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මේ හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු විය හැකි බවය. එමගින් මිනිසුන් විවිධ අපරාධවලට යොමු විය හැකි බවද පෙන්වා දෙන විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසන්නේ මෙම කරුණු පිළිබඳව අවධානය යොමුකළ යුතු බවය.…

  • පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා අද ජන පවුරක්

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරිමට කතෝලික සභාව සැලසුම් කර තිබේ. ඒ අනුව අද උදෑසන 8 සිට කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා කොළඹ – මීගමුව මහ මාර්ගයේ මෙම ජන පවුර නිර්මාණය කිරිමට සැලසුම් කර ඇත. එමෙන්ම පෙරවරු…